windows 10 වෙතට microsoft සමාගම පැවති සම්ප්‍රධායෙන් පිටතට විත් වෙගවත් යාවත්කාලින ( cumulative patches) නිකුත් කිරීමේ සැලසුමකට ඇතුලුව තිබේ. ආරක්ශිත බවට මෙන්ම දුර්වලතා සැකසුම් යවත්කාලීන මෙසේ පැමිනෙද්දී නොනිල ආරන්චි මාර්ග පවසන්නේ windows 10 සදහා වන මිලග ප්‍රධාන යාවත්කාලීනය (Threshold 2 නැතිනම් Wave 2) එලබෙන නොවැම්බරයට සැලසුම් වෙමින් ඇති බවකි. ආරම්භයේදී ඔක්තෝබරයට මෙම නිකුතුව සැලසුම්ව තිබුනද වඩාත් සාර්ථක නිකුතුවක් වෙනුවෙන් වැඩි කාලයක් ගන්නට ආයතනය තිර්ර්නය කර ඇති බවටයි එම නොනිල තොරතුරු හෙලි කරන්නේ. මෙහෙයුම් පද්ධතියේ සුසර බව(optimization) මෙම නිකුතුවේදීව් ඇඩි අවධානය ගන්නා ඇති බවට බලාපොරොත්තුවන අතර ඊට අමතරව extensions for Microsoft Edge වැනි සමහර අංගයන් කිහිපයක් මෙම නිකුතුව සමග එනූ ඇති බවට බලපොරොත්තු පලවනවා. එසේම ඩෙස්ක්ටොප් සදහා වන  universal Messaging app  එකක් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. 2016 ට සැලසුම්ව ඇති  Windows Redstone ප්‍රදාන යාවත්කාලීනය ඔස්සේ වඩාත් නව අංගයන් බලාපොරොත්තු විය හැකි බවටයි දැනට වන මතය වන්නේ.