Microsoft සමාගම windows 10 සදහා වන ප්‍රථම යාවත්කාලීන එකතුව මේ වන විට නිකුත් කොට තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීන ගොනුව සමග නවාංග කිසිවක් පැමින නැති මුත් මෑත කෙටි කාලයක් තුල වරින් වර නිකුත්වු යාවත්කාලීනයන් ගේ එකතුවක් මෙහි වන බවය. යම් භාවිතාකරන්නෙකු මෑත කාලිනව පැමිනි සියලුම යාවත්කාලීන ලබා ගෙන තිබේ නම් මෙහි වන නව යාවත්කාලීන කිහිපයක් පමනක් ඔහුට වැදගත් වනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. KB 3081424 ලෙසට නම් වන මෙම නිකුතුව 325MB විශාලත්වයකින් යුතුවනවා. මෙහි ආරක්ශක මට්ටමේ නොවන යාවත්කාලීන ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ යම් යම් කොටස් වල ක්‍රියාකාරීත්වය ඉහල නංවන දියුනු කිරීම් රාශියක් බවට පැහැදිලි වන අතර එලබෙන මාස දෙක තුන තුල තවත් ප්‍රධාන යාවත්කාලීනයක් පැමිනීමට නියමිත අතර ඒ සමග දැනට windows 10 සමග නොපැමින ඇති එහෙත් windows 10 සමග පැමිනෙන්නට නියමිත බවට ආයතනය නිවේදනය කල අංග කිහිපයක්ම බලාපොරොත්තුවිය හැකි වනවා.
