Windows 10 සාමාන්‍ය භාවිතයට පිවිස සැලකිය යුතු කාලයක් ගෙවෙමින් ඇත. ඒ වෙතට නෙක ආකාරගත් අදහස් ද පලවෙමින් ඇත. සමස්තය විමසීමේදී හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 7 මෙන්ම windows XP ආකාරයේ සාර්ථක මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නට Microsoft සමාගම සමත්ව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ නොමිළේ ලබාදීමේ සාදකයම පමනක් මෙම සාර්ථක බව පසුපස නොවන බවයි. “ඇත්තෙන්ම නොමිළේ ලබාදීමේ Microsoft තීර්නය පැහැදිලි පෙලබවීමක් වුවද මෙහෙයුම් පද්ධතියක් ලෙසටද එය ස්ථාවර හා නව අත්දැකීම් රාශියක් භාවිතාකරන්නන් වෙතට ‍රැගෙන විත් තිබෙනවා. කොටින්ම එයට හැකිව තිබෙනවා තොරතුරු ලෝකයේ වන නව ප්‍රවනතා සමග මනාව ගැලපෙන නව භාවිතාවක්  ගෙනෙන්නට” ඔවුන් පවසනවා. නෙට්වර්ක් මට්ටම සැලකීමේදී අන්තර්ජාලය සමග මනා සාර්ථක සූදානම් බවක් මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරයෙන්ම ගෙනෙන්නට එය සමත්ව ඇති අතර උපාංග අතර සබදතා අවකාශයද සාර්ථකව ග්‍රහනය කරගන්නට එය සමත්ව තිබෙනවා.
ආරක්ශිත බව ද නව මෙහෙයුම් පද්ධතියේ හොඳින්ම ස්ථාවර කරගන්නට Microsoft සමාගමට හැකිව තිබෙනවා. වේගවත් යාවත්කාලීන නිකුතුව ඒ බව වඩාත්ස්ථාවර තබා ගන්නට සහය වෙමින් තිබෙනවා. ලොවපුරා විහිදුනු විශාල සංක්‍යාවකින් සමන්විත එම මෙහෙයුම් පද්ධතිය සමග කටයුතු කරන අත්හදා බලන්නන් සමග ආයතනය වඩාත් සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් සාර්ථක මට්ටමක තම මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් තබාගන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
2016 සැලකීමේදී පැමිනෙන්නට නියමිත නව ප්‍රධාන යාවත්කාලීනය මෙහෙයුම් පද්ධතියේ හැකියා වපසරිය වඩාත් පුලුල් කරනු ඇති බවට දැනටමත් පෙර ඉගි පලව තිබීම වඩාත් සුබදායි පෙර සලකුනක් බවට බලාපොරොත්තු පලවෙනවා. ආයතනය ලෙසට මෘදුකාංග සමාගමක් වෙතින් සේවා ආයතනය ලෙසට වන නව දැක්මකට පැමිනීම සාර්ථකව අත්පත්කරගන්නට ඔවුන් සමත්ව ඇති අතර මෙහෙයුම් පද්ධතිය වෙතට සහය මෘදු මෙන්ම දෘඩ කොටස් ඔස්සේ තම වෙළඳ පොල අරමුනු වෙතට පිවිසෙන්නට වූ සැලසුම වෙතටද සාර්ථක පිවිසීමක් සහතික වෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.