Windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය ලෙසට බලපොරොත්තුවෙමින් සිටින Spring Creators Update පිලිබඳව තවමත් නිල නිවේදනයක් පැමින නැති මුත් හදාරන්නන් පවසන්නේ මේ වන විට එහි අත්හදා බැලීමේ අවස්ථාවල අවසන් මට්ට්මේ ඇති බව හා එලබෙන අප්‍රේල් වල මුල් භාගයේ නිකුත් වීමකට බොහෝ විට ඉඩ ඇති බවයි. දැනටමත් හෙලිව ඇති තොරතුරු පැහැදිලි කරන්නේ මෙම සංස්කරනය සමග Timeline, HDR support හා වඩාත් ආකර්ෂනීය පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග මෙම සංස්කරනය පැමිනෙන බවට බලපොරොත්තු වෙමින් තිබෙනවා. එසේම මීලග වින්ඩෝස් 10 සංස්කරනයේ පෙර සංස්කරනය Redstone 5 ලෙසට සංකේතනාමයෙන් දැනටමත් සංවර්ධනය ව්මින් ඇති අතර එහි අවසන් සංස්කරනය මෙම වසරේ අවසාන භාගයේ පැමිනෙන්නට සැලසුම්ව ඇති බවට බලාපොරොත්තු වෙනවා.