Windows 10 ගැන වන මීලග ප්‍රධාන යාවත්කාලීනය Windows 10 Anniversary Updateය එලබෙන අගෝස්තු දෙවන දිනට මේ වන විට නිල ලෙසට නිවේදය වී හමාරය. ඩිගිටල් සහයකාවිය නොහොත් Cortana වල මෙන්ම වඩාත් කාර්යක්ශම Edge browser ය මෙන්ම වඩාත් දියුනු කල ආරක්ශාව සමග තවත් බොහෝ දේ පෞදගලික මට්ටමේ මෙන්ම අයතනික මට්ටමින්ද එය රැගෙන එන බවට නිවේදනය වී ඇත. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ ලොව පුරා පැය බිලියන 350කට අධික භාවිතාවක් ලබමින් හා ලැබෙන ප්‍රථිචාර ඔස්සේ වඩාත් හැඩ ගැන්වෙමින් Windows 10 මෙතෙක් Microsoft වෙතින් පැමිනි වඩාත් සාර්ථක මෙහෙයුම් පද්ධතිය වන්නට සුදුසුකම් ලබමින් සිටින බවකි.
අමතක වන අවසර පද බොහෝ භාවිතා කරන්නන්හට සිදුකරමින් සිටින හිරිහැරය අවම කරන්නට Windows Hello සහය වනු ඇත්තේ biometrics ආකාරයටය. Anniversary Update සමග companion devices වල සහය ඔස්සේ තම උපාංග වෙතට secured sign-ins වීමටද එය සහය වනු ඇති බවට මේ වන විට පැහැදිලි කොට තිබෙනවා. වැඩි දියුනු කරන ලද Windows Defender ලෙසට නම්වන free anti-malware service සේවාව පෙරට වඩා ආරක්ශාව ගෙනෙනු ඇති බවටත් මේ වන විට පැහැදිලි කර තිබෙනවා. Windows Ink සමග භාවිතා කරන්න වෙතට වඩාත් සාර්ථක හ සමීප සටහන් තබැමීමේ හැකියාව Digital World වෙතට ගෙනෙන බවට මෙන්ම පරිගණක ක්‍රීඩා අත්දැකීම් මෙන්ම Xbox හැකියාවන්ගේ වැඩි දියුනු කිරීම් රාශියියක් මේ වන විට ආයතනය පැහැදිලි කොට දී තිබෙනවා.
