Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් ඇති දස දහස් ගනනකගේ භාවිතයට ලබා දීම ඔස්සේ වඩාත් හොඳින් අත්හදා බැලීමකට ලක් කරවිමෙන් අනතුරුව තම මහැයුම් පද්ධතිය ඉදිරියට ගෙන යන්නට මේ වන විට සමත්ව තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නව යවත්කාලීනය සමග හඳුනා ගෙන තිබූ ෆ්හුර්වලතා කිහිපයක් පිලිසකර කරන්නට කටයුතු කර ඇති බව මෙන්ම දියුනු කිරීම් කිහිපයක්ද සමන්විතව නව නිකුතුව පැමින ඇති බවයි. පසුගියදා නිකුතුකරනු ලැබූ ප්‍රධාන යාවත්කාලීනයක් වූ Anniversary Update වලින් පසුව පැමිනෙන දෙවන යවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව ගනන් ගැනෙනවා. නව යවත්කාලීනයද සුපුරුදු පරිදි ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට නියමිත ආකාරයට පැමින තිබෙනවා.
හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සාර්ථකව භාවිතාකරන්නන් සදහා පිවිසෙමින් ඇති බව වන අතර වඩාත් ආරක්ශිත මෙන්ම සාර්ථක හා පහසු භාවිතාවන් ගෙනෙන්නට නව මෙහෙයුම් පද්ධතිය සමත්ව ඇති බවට පිලි ගැනෙනවා.  – Pubudu Siriwansa