Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 Cloud සංස්කරනයක් පිලිබන්දවද මේ වන විට තොරතුරු පැමිනෙමින් ඇත. Windows Store වලින් පැමිනෙන apps පමනක් ධාවනයට සූදානමින් පැමිනෙන මෙම සංස්කරනය නොමිලේ වන නිකුතුවක් ලෙසට බලාපොරොත්තු පලවන අතර භාවිතාකරන්නගේ දෙවන තෙවන මට්ටමේ උපාංග සදහා වඩත් සුදු ආකාරයක් ගනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනට මත් මෙහි පෙර සංස්කරන අන්තර්ජාලයෙන් ලබා ගන්නට හැකි වන අතර මෙහි නිල නිකුතුවද එලබෙන අප්‍රේල් වලට නියමිත WINDOWS 10 CREATORS UPDATE සමග සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇති බවකි.

www.digilk.com