Microsoft සමාගම මේ වන විට නිවේදනය කරන්නේ Windows 10 Creators Update භවිතයට බලාපොරොත්තුවන early adopter පන්නයයේ භාවිතාකරන්නන් හට Windows 10 Media Creation Tool app එකක් න්කුත්කර ඇති බවයි. නිල නිකුතුව අප්‍රේල් 11 ට නියමිත මෙම ප්‍රධාන යාවත්කාලීනයේ පැමිනීම ස්වංක්‍රීයව සිදුවීම බලපොරොත්තු වෙන්නන් හට ක්‍රමයෙන් මෙදින සිට ඉදිරියට සැලසුමේ ඇති අතර මුලින්ම නවතම Pc වල සිට ක්‍රමයෙන් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.මාස කිහිපයක අත්හදා බැලීම් වලින් අනතුරුව පැමිනෙන මෙම යාවත්කාලීනය සමග 3D Paint app එක ද, දියුනු කිරීම් රාශියක් සමග වන Edge browser ද, user privacy සදහා ස්ථාපනයේ සිටම වැඩි සැකසුම්ද එනම් සරලව සැකකීමේදී express settings වෙනුවට privacy options රාශියක් සමග කටයුතු කරන්නට හැකිවීමද , නව Game Mode සමග පහසුකිරීම් රශියක්ද (Beam streaming) , වන ලෙසට අත් විඳින්නට හැකි වනවා.
Windows 10 Mobile Creators Update නිකුතුව අප්‍රේල් 25ට දැනට නියමිතව ඇති අතර පෙර අත්හදා බලන්නන් සදහා වන මට්ටමේ මේ වන විට භාවිතාවේන් තිබෙනවා. Windows 10 Creators Update ය භාවිතයට කැමති ඔබට පහත දැක්වෙන සබඳතාවය ඔස්සේ ඒ සදහා පිවිසෙන්නට හැකි වන අතර සරල පියවර කිහිපයක් ඔස්සේ එහි ස්ථාපනය අවසන් කරන්නට හැකි වනවා.
https://support.microsoft.com/en-us/help/3159635/windows-10-update-assistant