Microsoft ආයතනය නිල ලෙසට තම Windows 10 Creators Update වල නිකුතුව එලබෙන අප්‍රේල් 11 වන විට අරම්භවන බවට ප්‍රකාශ කර සිටිනවා. මෙම වසරට නියමිත ප්‍රධාන යාවත්කාලිමය ලෙසට මෙම Windows 10 Creators Updateය  පසුගිය ඔක්තෝබරයේ පලමුවෙන් පැහැදිලි කරන්නට යෙදුනු අතර ගෙවී ගිය සතියේදී මෙම 15063; ISOs සංස්කරනය ඔවුන්ගේ සර්වරයන් ඔස්සේ ලබා ගැනීමේ හැකියාවක්ද ලැබුනු මුත් මේ වන විට එම හැකියව වලක්වා තිබෙනවා. පෙර නිවෙදනය කර ඇති සමහර අංගයන් මෙම නව සංස්කරනය තුල දක්නට නැති මුත් පහසු 3D ඝාවිතාවන් ඇතුලු නව අංගයන් කිහිපයක් මෙන්ම දියුනු කිරීම් රාශියකින් නව මෙහෙයුම් පද්ධති සංස්කරනය සමන්විත බවටයි දැක්නට ලැබෙන්නේ. වැඩි දියුනු කර ඇති Windows Defender Security Center වල ක්‍රියාකාරීත්වය පිලිබඳවද හදාරන්නන්ගේ අවධානය යොමුව තිබෙනවා.