Windows 10 Creators Update වල නිකුතුවට ඉතිරිව ඇත්තේ සති කිහිපයකි. පලවන නවතම තොරතුරු හෙලිකරන්නේ Microsoft ආයතනය තම Windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලිනය සදහා ආයතනයේ අභ්‍යන්තර අවසාන කටයුතු කරමින් සිටින බවකි. එලබෙන අප්‍රේල් වලදී මෙම නිකුතුව සිදුවීමට නියමිතව ඇත. මේ වන විට එම නිකුතුවේ පෙර සංස්කරන වල අවසන් කාලයද ගෙවෙමින් පවතින බවකි. දැනට වන බලාපොරොත්තුව වන්නේ එහි PCs සදහා වන සංස්කරනය පලමුව එනම් අප්‍රේල් 11 වන විට නිකුත් වුවද අනෙකුත් සංස්කරන නිකුතුව මැයි වලට පෙර සිදුවන්නට නියමිත බවකි. මෙම නිකුතුව සමග වඩාත් නිර්මාණශීලී භාවිතාකරන්නන් හට සහයක් මෙන්ම තවත් නවතම අංගයන් ‍රැසක් පිලිබඳවද මේ වන විටත් එම ආයතනය බලපොරොත්තු ලබ දී අවසානය.