Microsoft පවසන්නේ තමන් Windows 10 වඩාත්ම ආරක්ෂක මෙහෙයුම් පද්ධතිය කරවන්නට උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවකි. නව Windows Defender Security Center සමග මෙහි පලමු පියවර වන අතර Windows Defender Advanced Threat Protection නැතිනම් MDM වැනි දියුනු කිරීම් සමග පෞද්ගලික මට්ටමේ සිට ආයතනික මට්ටම දක්ව අනෙක ආකාරවලට තම දියුනු කිටීම් භාවිතාකරන්නා වෙතට කැඳවන්නට ඔවුන් කටයුතු කරමින් සිටී. වැඩි විස්වාසයක් තැබෙන Hello biometric authentication වැනි හැකියාවන් වෙතට පහසු පිවිසුමක් රැගෙන ඒම වැනි සරල මට්ටමින්ද නව දියුනු කිරීම් පැමිනෙනු ඇත.
“More control over your data” ඔවුන්ගේ තවත් පොරොන්දුවකි. ආයතනය විසින් භාවිතාකරන්නන්ගේ දත්ත වෙතට අනවශ්‍ය පිවිසීම් සිදුවන බවට වන චෝදනා වල සිටම නව විසදුම් ඔස්සේ පහසුවක් ගෙනෙන්නට නව යාවත්කාලීනය කටයුතු කරමින් සිටී. භාවිතාකරන්නාගේ කැමැත්ත පරිදි තම දත්තයන්ගේ ආරක්ශාවට අවශ්‍ය සැකසුම් වලට පහසු පිවිසීමක් එය ගෙනෙනු ඇත. මෙසේම update හැකියාවද වඩාත් සරල පහසු ඉක්මන් බවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටී. අවශ්‍ය වන restart බව දින තුනක් දක්වා ඉදිරියට යොදාගන්නට මෙන්ම වැඩි Active Hours ඔස්සේ පහසු බවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටී.
මීට අමතරව Windows 10 Mobile Creators Update වලදී පහසු හා ගැබුරට විහිදෙන cortana හැකියාව පැහැදිලි කෙරේ. භාවිතාකරන්නා වඩාත් පහසු කරවන නවාංග කිහිපයක් සමග වන මොබයිල් යාවත්කාලීනය මද කාල පරතරයකින් යුතුව පැමිනෙනන්නට නියමිතය. එසේම මෙම මොබයිල් සංස්කරනයෙන් Apps Corner වැනි සමහර අංගයන් ඉවත්කරන්නටද දැනටමත්පොරොන්දු පලකර ඇත.
