Microsoft සමාගම තම Windows 10 සදහා වන නවතම යාවත්ලීනය වන Creators Update වල PC සංස්කරනය Media Creation Tool හෝ Update Assistant සමග නියමිත දිනට පෙර ලබා ගැනීමේ හැකියාවට අමතරව සාමාන්‍ය නිකුත් කිරීම -general rollout- මේ වන විට ආරම්භකර ඇති බවටයි නිවේදනය වන්නේ. ලොවපුරා පෙර සංස්කරන භාවිතාකරන්නන් මිලියන දහයකට අදික අත්හදා බැලීම් වලින් නැවත නැවත් සැකසී සූදානම් ව ඇති අතර නිල නිකුතුව සදහා මේ මාසයේ තෙවන සතියට නියමිත බව ප්‍රකාශ කර තිබිනි. කෙසේ වෙතත් මෙම නවතම නිකුතුවේ සාමාන්‍ය බෙද අහැරීම PC වලට පැමිනීමේදී OEM hardware partners සමග නවතම උපාංග වෙතට පලමුවෙන් සිදුවීමට නිය්ටමිත අතර ක්‍රමයෙන් පැරනි භාවිතාකරන්නන් වෙතට නිකුත්වන බවටයි පැහැදිලි කර සිටින ලද්දේ. 3D බව සංයුත්ත්ව පැමිනෙන ආරක්ෂක මෘදුකාංගයේ දියුනු කීරීම්, පෞද්ගලික දත්ත Microsoft වෙතට ලැබීම සීමා කිරීමේ හැකියාව ආදී බොහෝ දියුනු කිරීම් සිදුව ඇති අතර පොදුවේ වඩාත් ආරක්ෂිත, හා සුමට ක්‍රියාකාරීත්වය නව සංස්කරනයත් සමග වන බවටයි හදාරන්නන්ගේ අදහස වන්නේ.