Windows 10 Creators Update යනු Microsoft වෙතින් තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතට බලාපොරොත්තුවන මීලග ප්‍රධාන යවත්කාලීනයයි. ක්‍රමයෙන් මුත් ස්ථාවර බවක් පෙන්වමින් භාවිතයට පැමිනෙමින් ඇති Windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීන එලබෙන මාසයට දින නියමව ඇති අතර ප්‍රධාන ආකාරයේ සිත්ගන්නා සුලු නවාංග කිහිපයක් පිලිබඳවද මේ වන විට නිල ආකාරයට පැහැදිලි කරද ඇත. වේගවත් බවක් මෙන්ම වඩාත් සුමට ගලා යාමක් සදහා වඩාත් තහවුරුවක් පොදුවේ බලාපොරොත්තු වනා තරම නව යාවත්කාලීනය සමග භාවිතාකරන්නන් වෙතට creativity ආකාරයෙන් සැඩි සහයක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. new Paint 3D app වැනි ඒ සදහා වන නවාංග පිලිබඳව ඉගි මේ වන විටත් ඉදිරිපත්ව ඇත. 3D for everyone” වැනි හඳුන්වා දීමක්ද සමග නිර්මානය වෙමින් ඇති මෙම අංගයන් ඔස්සේ පහසුවෙන් අවට ඇති අංගයක් 3D ආකාරයට වීඩියෝ ගත කරගන්නට , වඩාත් නිර්මානශීලී ලෙසට ඒවා වෙනස් කරන්නට ම්නෙම පහසුවෙන් සමාජජාලා ඔස්සේ බෙද අහදා ගන්නට මෙම නව දියුනු කිරීම් සහය වනු ඇත. පලමුවෙන් Pc අවකාශයට පැමිනෙන මෙම හැකියාව අනාගතයේ Windows 10 Mobile අවකාශය වෙතටද පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
මිට අමතරව Windows Holographic shell ආකාරයට මෙහෙයුම් පද්ධතියටම සංයුත්ත්ව පැමිනීමට නියමිත අතර ඒ ඔස්සේ පහසුවෙන් ආයතනයන්ට ඒ සම්බන්දයෙන් වන දියුනු කිරීම් වලට ඉඩ සැලසෙනු ඇති බවටද බලාපොරොත්තු පලවනවා. වැඩි දුරටත් Microsoft පවසන්නේ අඩු මිලැති virtual reality headsets ඔස්සේ භාවිතාකරන්නන්ට වර්චුවල් රියැලිටි අද් දැකීම් පහසුවෙන් අත් විඳින්නට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි. තම EDGE බ්‍රවුසරය ගැනද සදහන් කරන ඔවුන් වඩාත් ආරක්ෂිත, සුමට ගලායාමක් ගෙනෙන වෙබ් සැරියකට නව යාවත්කාලීනය වඩත් ඉඩ සලසනු ඇති බවටයි පොරොන්දු වන්නේ. වඩාත් කාර්යක්ශම බටරි බල භාවිතයක් ඔස්සේ මොබටිල් ආකාරයේ Pc සදහාද මනා සහයක් බ්‍රවුසරය සහතික කරනු ඇති බවටද බලපොරොත්තු වෙනවා. Night Light වැනි පහසුවන් ඔස්සේ භාවිතාකරන්නගේ දෘශ්‍ය බවේ සුරක්ශිත බව තහවුරු කරනු ඇති බවට පැවසෙන අතර දිනයේ ආලෝක වෙනස් වීමට සමාන්තරව ස්වංක්‍රීයව සැකසෙමින් එම සහය මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ලැබෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. 802.11ad Wi-Fi ඔස්සේ වෙගවත් wireless සබඳතාවයක් ද නව යාවත්කාලීනය ඔස්සේ මේ වන විට පොරොන්දුව තිබෙනවා.