භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම මස 12 දා පමන වන විට එම නිකුතුව සිදුවීමට බොහෙවින් ඉඩ ඇති බවයි. උපාංග නිෂ්පාදකයා මත නො‍රැදී කෙලින්ම Microsoft වෙතින් පැනෙන new updates යක් ලෙසට මෙම නිකුතුව සිදුවන්නේ ද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි හෙලි වන්නේ.