Microsoft ආයතනය පවසන්නේ තම windows 10 වල Creators Update සදහා වන PCසංස්කරනය මෙම අප්‍රේ 11 සිට ක්‍රමයෙන් නිල ලෙසට නිකුත්වන්නට පටන් ගන්නා බවයි. කෙසේ මුත් මෙතෙක් එම ආයතනය තම මෙහෙයුම් පද්ධතියේ Mobile සංස්කරනය පිලිබඳව නිශ්චිත දිනවකවානු ඉදිරිපත් නොකල අතර පවසා සිටියේ එය “පසුව” නිකුත් කරන බව පමනය. පැමිනෙන නවතම හෝඩුවාවක් පවසන්නේ Windows 10 Mobile updateය අප්‍රේල් 25 වන විට නිකුත්වන්නට සූදානම් බවය. වැඩි දුරටත් පැහැදීලි කරන ඔවුන් ප්වසන්නේ මෙම නිකුතුව ස්ථාපනය මදක් සංකීර්න වන්නේ එය manufacturer, model, country or region, mobile operator නැතිනම් service provider මත පමනක් නොව ස්ථාපනය වී ඇති මෘදුකාංග මෙන්ම දෘඩාග මතද සීමා වන බවය. තවමත් Microsoft ආයතනය නව යාවත්කාලීනය සදහා නියමිත Windows 10 minimum hardware requirements වෙනස් කර නැති අතර මෙම සංස්කරන දෙකම නව දෘඩාංග සදහා ප්‍රථම කොටම ස්වංක්‍රීය ස්ථාපනය සිදුවනු ඇති බවය.
