Microsoft වෙතින් නිවේදනය වන්නේ තමන් Windows 10 Mobile වල version 1511 සදහා සහය දැක්වීම නිල ලෙසට අවසන් කරන බවයි. 2015 නොවැම්බර් 15 සිට දෑවසරක් ඉක්මවන කාලයක් ගතකර ඇති මෙම සංස්කරනය 4.6%ක භාවිතාවක් ලබමින් තිබෙන බවටයි ගනනය වන්නේ. Windows phones අතරින් 20.3% ක් Windows 10 Mobile භාවිතාව ලබමින් තිබෙන බවටත් ගනනය වෙමින් තිබෙනවා. එදා Phone 8.1 වෙතින් ඉහලට යාවත්කාලීන වන්නට සුදුසුකම් ලැබූ මොබයිල් දුරකථන වෙතට මෙම පහසුව ලැබුන අතර තවමත් තම යාවත්කාලීනයන් ලබා නොගත් භාවිතාකරන්නන් හට Settings -> Update & security -> Phone update -> Check for updates. Version 1607, නැතිනම් Anniversary Update.ලෙසින් පිවිස තම උපාංගය වෙතට නව සංස්කරන වෙතට පිවිසිය හැකි වෙනවා.
Pubudu Siriwansa
