Microsoft සමාගම තම Windows 10 සමග භාවිතාකරන්නා හට පොලබවමින් සිටින්නේ යාවත්කාලීන මග හැරීම අපහසු වන ආකාරයක්ය. වේගවත් හා ක්‍රමවත් මෙන්ම ආරක්ශිත භාවිතාවකට එය වැදගත් වීම ඔවුන් සලකීල්ලට ගන්නා විය හැක. මෙහෙයුම් පද්ධතිය මෙන්ම ඇප්ස් සදහා මෙම බව ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටී. එසේ මුත් දැනට පැමින ඇති පලමු windows 10 වල KB3081424 update ගොනුව ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා බලපාමින් ඇති ගැටලුකාරී බව මේ වනතෙක් විසදන්නට ඔවුන් අසමත්ව ඇති බවටයි දැක්වෙන්නේ. එම ගැටලුවට මුහුන දුන් භාවිතාකරන්නන් පෙන්වා දෙන්නේ මෙම යාවත්කාලීනය ස්ථාපනයට උත්සාහ කිරීමේදී කිසියම් ප්‍රමානයක් ස්ථාපන ක්‍රියා වලිය ඉදිරියට ගොස් නැවත මුල සිට ආරම්භයට පැමිනෙන බවත් එම ක්‍රියාවලියේදී අනවශ්‍ය ප්‍රමානයක කාලයක් වැය වෙන බවත්ය. කෙසේ වෙතත් තවමත් Microsoft ආයතනය තවමත් මෙ සදහා විසඳුමක් ගෙනෙන්නට අසමත්ව ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.