Windows 10 නිකුතුවෙන් පසුව සිදුවන ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට නිකුත්වෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. ආයතනිකව වන “version 1511, 10586” හා භාවිතාකරන්නන් අතර  “the November update” ලෙසට නම්වන මෙම නිකුතුව තුල සැලකිය යුතු මට්ටමක දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම දියුනු කිරීම් ප්‍රධාන කාරනා අතර windows 7 සමග සැසදීමේදි සියයට 30ක වේගවත් බවක්,  cortana සමග phone number, email address, physical address මතක තබා ගැනීම මෙන්ම bookings, sending reminders  හැකියාවන් දියුනු කිරිම මෙන්ම Microsoft Edge වල ක්‍රියාකාරීත්වය දියුනු කිරීම, ආරක්ශිත බව දියුනු කිරීම ආදිය වන බවට පැහැදිලි කෙරෙනවා.මීට අමතරව  Mail, Calendar, Photos, Groove, Xbox, Store, OneNote, හා Solitaire සදහා වන දියුනු කිරීම්ද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම නව යාතකාලීනය Windows Update යටතේ පැමිනෙනු  ඇති බවටයි ආයතනය වැඩි දුරටත් සදහන් කරනවා.