Microsoft ආයතනය පසුගියදාක ප්‍රකාශ කර සිටියේ windows 7 තව දුරටත් පවතින තාක්ශනික වටපිටාව සමග හොඳින්ම නොගැලපෙන බවයි. ආරක්ශිත බව මෙන්ම ක්‍රියාත්මක බවෙහිද මීට වඩා දියුනු කිරීම් ‍රැගෙන එන windows 10 වෙතට පිවිසීමේ වැදගත්කම ඔවුන් එහිදී අවධාරනය කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. පැමිනෙන  Creators Update. සමග  Windows Defender Advanced Threat Protection (WDATP) මෙන්ම windows Hello සමග භාවිතාකරන්නාගේ ආරක්ශිත බව windows 10 වලදී බෙහෙවින් දියුනු කර ඇති බවටයි පැහැදිලි කර සිටියේ. වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ  Windows Defender Antivirus වෙතින් ඉහල ප්‍රමිතියක ආරක්ශාවක් ‍රැගෙන එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. එලබෙන සතියට නියමිත RSA conference වලදී ප්‍රධාන කරුනු 6කින් සමන්විතව වැඩි දුර විස්තර ප්‍රකාශයට පත්වීමක් බලාපොරොත්තු වෙමින් ඇති අතර එලබෙන windows 10 ප්‍රධාන යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධති භාවිතා අවකාශයට නව යුගයක් ‍රැගෙන එනු ඇති බවට මහත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.