Windows Firewallය එම මෙහෙයුම් පද්ධතිය සමග Network ආකාරයට කටයුතු කරන සැමට වැදගත්වන භාවිතාවකි. පරිගණකය සමග එම ජාලයන් වලට සිදුවන දත්ත ගනු දෙනු පාලනයට අවශ්‍ය සැකසුම් කිහිපයක් ඒ වෙතින් ලැබේ. මෙම Windows Firewall Control මෘදුකාංගය සමග සිදු වන්නේ මෙහෙයුම්පද්ධතිය සමග එන එම පහසුව system tray වල සිට පහසුවෙන් හසුරවන්නට සහය දීමය. එහිදී ලැබෙන තොරා ගැනීමේ අවස්ථා හතරක් වන අතර ඒවා නම් High Filtering වලදී සියලුම outgoing සබදතාවන් Block කරන අතර , Medium Filtering වලදී ඔබ විසින් පෙර අවසරදී ඇති පෙර සබදතා වලට පමනක් අවසර ලැබේ අතර , Low Filtering වලදී ඔබට අවශ්‍ය outgoing connections පමනක් Bloc කරන්නට ද අවසාන ලෙසට No Filtering තේරීමෙන් කිසිදු බාදාවක් ඇති නොකරන මුත් එම මෘදු කොටස ධවනය පමනක් සිදුවේ. මෙම මෘදුකාංගය Microsoft වල දැනට භාවිතාවන සියලු සංස්කරන සදහා සහය දක්වන අතර එය සමග native firewall භාවිතාව පහසු කරගන්නවාට අමතරව ඔබගේ ආරක්ශාව සදහා තවත් පහසුකම් කිහිපයක්ද සමන්විතව පැමින ඇත. මෙහි මිලදී ගත හැකි සංස්කරනයක් මෙන්ම නොමිළේ භාවිතා කල හැකි සංස්කරනයක්ද වේ. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ එම මෘදුකාං ගය ලබ ගන්නට හැකි වන අතර අවශ්‍ය නම් paid upgrade මට්ටමට පිවිසෙන්නට ඔබට එහි සිට හැකි වනු ඇත.

http://www.binisoft.org/download/wfc4setup.exe