හදාරන්නන් පවසන්නේ සෑම තප්පර 60 ක් සැලකීමේදී ලොව පුරාවට දුරකථන 113ක් පමන අස්ථාන ගත වීම් සිදුවන බවයි. ඔබගේ ජංගම මට්ටමේ කවර දත්ත උපාංගයක් සැලකුවද නෙක ආකාරගත් කිනම් අනතුරක් ඔස්සේ හෝ මෙසේ භාවිතය අහිමි වීම වඩාත් දැනෙනු ඇත්තේ ඒවායේ වන දත්ත අහිමි වීම ඔස්සේ බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. වසනාවකට මෙන් Microsoft, Apple, නැතිනම් Google වැනි ආයතනයන් සමග වන සබන්දතා ඔස්සේ මෙසේ අහිමි වන උපාංගවල දත්තයන්ගේ Backup ඔස්සේ සුරැකෙන මුත් තවමත් සැලකිය යුතු තරමක හානියක් බොහෝ භාවිතාකරන්නන් එසේ වන සැලසුමක් සමග නොවීම තුල විඳින්නට සිදුවන බවටයි පෙන්වා දෙන්නේ. එසේම ransomware වැනි හානිකර ඔස්සේද දෛනිකව සැහෙන භාවිතාකරන්නන් පිරිසක් අපහසුවට පත්වන තර සැම March 31 දිනකටම යෙදෙන World Backup Day ඔස්සේ මේ පිලිබඳව අවධානය යොමුකර සිටිනවා. තාක්ශනික මිත්‍ර නොවන භාවිතාකරන්නන් වඩාත් ඉලක්ක කරමින් මෙදිනට වන අවධානය සමග ඔවුන් හට cloud solutions, offsite backups. local NAS devices වැනි නෙක ආකරයේ විසඳුම් වලට අවධානය යොමුකරවමින් තම දත්ත දිවියේ අඛංඩ පැවැත්ම තහවුරු කර ගැනීමෙ අවැදගත් කම පැහැදිලි කෙරෙනවා.
