Yahoo ආයතනය නිවේදනය කරන්නේ තම Yahoo Mail සේවයේ සමහර භාවිතාකරන්නන් වෙතට මතුව ඇති තම මේල් භාවිතාවේ වේගය අඩුවීම හෝ භාවිතාවට නොහැකිවීමේ ගැටලුව මුහුද අභ්‍යන්තරයේ දිවෙන fiber cable වලට හානි වීමේ ගැටලුවක් නිසා බවයි. ඔවුන් පවසනවා එම නඩත්තුවට අදාල ආයතනය මේ වන විට ගැටලුකාරී ස්ථානය හඳුනා ගෙන ඇති බවත් ක්‍රමයෙන් පිලිසකර කටයුතු සිදු වෙමින් ඇති බවත්ය. තම සේවක මහතුන් මතුව ඇති email traffic බව rerouted කරමින් හැකි පමනින් සමනයව පවත්වාගෙන යන්නට උත්සාහ කරන බවත් පවසන එම ආයතනය පසුගිය November 20 සිට අත්විඳිමින් ඇති මෙම තත්වය නිසා අපහසුවට පත්ව ඇති තම භාවිතාකරන්නන් වෙතට කනගා‍ටුව ප්‍රකාශකර සිටිනවා. දැන හඳුනාගෙනා එති පරිදි eastern U.S.හා western Europe වෙතට මෙම අපහසුකාරී තත්වය බල පාමින් ඇති බවට පැහැදිලි කෙරෙන අතර හැකි ඉක්මනින් තත්වය සමනය වනු ඇති බවට ප්‍රකාශ කෙරනවා.