අවිස්සාවෙල්ලේ සිට මෙන්ම කෑගලු මාර්ගය ඔස්සේ යනෙන්නෙකුට දිස්වන මනරම් කඳුපෙලක් ලෙසට මානියම්ගම කඳුපෙල දැකිය හැක. විසිතුරු මෙන්ම ඓතිහාසික පසුබිම්ක් ඇති මෙම කඳුපෙල අතරවන උසැති,අ කඳු මුදුනත යකහටුවාව වේ. එහි උස අඩි 1410ක් ලෙසට පිලිගැනෙන මේ වෙතට පිවිසෙන්නට මානියම්ගම රජමහා විහාරය පිටුපසින් වන මාර්ගය ඔස්සේ මෙන්ම ගලබලන කන්ද හරහාත් හැකිය. එසේම බෝමලුව හංඳියේ සිට යක්දෙහි කන්ද දක්වාත්, යක්දෙහි කන්දේ සිට යකහටුව කන්දුමුදුනතට නැගීමට ආරක්ෂිත වැටක්ද සමග පිය ගැටපෙලක්ද ඉදිකර ඇති බවට වාර්ථා වේ. හදාරන්නන් යෝජනා කරන්නේ මානියම්ගම කඳු වැටියේ කරන සංචාරයේදී වඩාත්ම විසිතුරු අත්දැකීමක් ගෙනෙන්නේ කොබෝතුරා කඳු වැටියේ අහස්තල්ල මත සිට යකහටුව කඳු මුදුනත කරා ගමන් කිරීම බවයි. රක්ෂිත වන බිමක් වන මෙහි වඳුරන්, රිළවුන්, දඬුලේනන් ආදී සතුන් මෙන්ම පතොක් ආදි ගස්වැලින්ද විසිතුරුව පවතීයි.තවත් විටක තිඹිරිපොල රන්පත්ගල රජ ලෙන දෙසින් ගමන් අරබා යකහටුව කඳ ඔස්සේ මානියම්ගම රජමහා විහාරය වෙතටද අනතුරුව සීතාවක රජමාලිගාව, බැරැන්ඩි කෝවිළ ආදිය නැරබීම එක් දිනකින් නිමකල හැකි අපූරු සංචාරයක් වනු ඇත.