Yandex Browser යනු සරල හා භාවිතයට පහසු බ්‍රවසර මෘදුකාංගයක් සොයනා ඔබට කදිම විසදුමකි. එහි වන සරල පැහැදිලි interfaceය බොහෝ අනවශ්‍ය විය හැකි තොරතුරු වලින් තොරවීම ඔබ සොයනා තොරතුර වෙතට පහසුවෙන් පිවිසෙන්නට සහයක් වනවා පමනක් නොව අඩු අන්තර්ජාල සබඳතාවයක් සමග වුවත් හොඳින් අදාල වෙබ් පි‍ටුව විවෘත කර ගන්නට සහය වනු ඇත. WebKit engine ඇන්ජිනය මත ක්‍රියාත්මක වන මෙම බ්‍රවුසරය open-source Chromium code ඔස්සේ මෙම පැහැදිලි user interfaceය නිර්මානය වීමට දායක වී ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. compression technology සමග අඩු දත්ත හුවමාරුවක් සමග වෙබ් පි‍ටු විවෘත වන්නේ Yandex servers වලදී compressed වන දත්ත බ්‍රවුසරය මතට පැමිනෙන නිසාවෙනි. 128 Kbit/s අඩු ඔස්සේ වේගයකදී පවා Turbo mode සංක්‍රියව තැබීම ඔස්සේ පහසු බ්‍රවුසර භාවිතාවක් ගෙනෙන්නට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙවැනි අඩු දත්ත වෙගයක් පැමිනෙන විටම ස්වංක්‍රීයව මෙම Turbo mode සංක්‍රිය වීමට සැකසුම් ලබාදිමට හැකිවා මෙන්ම අවශ්‍ය විටකදී Turbo iconය ඔස්සේ එය අවදිකරවන්නටද මෙහි පහසුකම් වේ. මෙම බ්‍රවුසරය සතුම හානිකරයන් හඳුනා ගැනිමෙ යාන්ත්‍රනයක් ඇතුවා සේම එවැනි සැකසහිත වෙබ් පි‍ටුවකට පිවිසෙන්නට උත්සාහ කරන විටදීම ඔබ වෙතට අනතුරු අගවන්නට ඒය ක්‍රියාත්මක වීම භාවිතාකරන්නෙකුට හොඳ සහයක් වනු ඇත. cloud-based safe browsing ආකාරයට සැම බාගත කිරීමක්ම Kaspersky සමග පිරික්සීමද වඩාත් සුව පහසුවක් වනු ඇත. මෙම බ්‍රවුසරය වර්ථමාන භාවිතාකරන්නෙකුගේ අවශ්‍යතාවයන් සමග හොඳින් කටයුතු කරන්නට සහයවන වා සේම foreign language, booking flights, trains, taxies , hotel rooms ,restaurant tables වැනි අමතර කාරනා සදහාද සහය දැක්වීමට සූදානම්ව පැමින තිබේ. පහත දැක්වෙන සැබැදුම ඔස්සේ මෙම මෘදුකාංගය බාගත කරගන්නට ඔබටඩ්ඝ හැකි වනු ඇත.

http://browser.yandex.com/download/?int=1&lang=en&full=1