Back to Top

Category: You Tube

You Tube සදහා දරුවන් හිතැති Android app එකක්-Google-

  Google ආයතනය නිවේදනය කරනව තමන් කුඩා දරුවන් සදහා වඩාත් හිතැති You Tube සදහා වන Android app එකක් එලබෙන සතියේ නිකුතුවට සූදානම් වන බවකි. ‘YouTube Kids’ ලෙසට නම් වන මෙම app එක හරහා මාතෘකා 8ක් යටතේ children-friendly වැඩසටහන් තොරාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Shows: For children friendly-shows.
Radio: For performances of popular songs.
Light bulb: For educational programming and shows such as Khan Academy.
Binoculars: While searching for trending videos.
Search: To manually search for videos.
ලෙසට වන පස්වැදෑරුම් ක්‍රියාකාරකම් අවස්ථා ‍රැගෙන එන මෙම App මෘදුකාංගය සමග වන විශේෂතා අතර නුසුදුසු යැයි හැගන් සෙවීම් අවහිර කිරීම අවසර පදයක් ලබා දීම මෙන්ම භාවිතාකල හැකි කාලය සීමාකිරිම වැනි පහසුකම් කිහිපයක්ම වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. පෙර සැකසුම් කර ඇති කාලය අවසන් වූ විටක යලිත් ක්‍රියාත්මක කිරීම් සදහා අවසර පද අවශ්‍ය වීම වැනි දෙමාපියන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වීම ඔස්සේ පාලනයක් එය් ගෙනෙනු ඇති බවටයි ඔවුන් පෙන්ව දෙන්නේ.

Posted in Android, You Tube |

YouTube වීඩියෝවන් විවිධ කෝන ඔස්සේ නරබමු!!

   YouTube වෙතින් පසුගිය කාලයේ නව අත්හද බැලීම් රාශියක්ම සිදුවෙනු ලැබුවා. ඒ අතර offline වීඩියෝ නැරබීමේ හැකියාව, video autoplay, GIF sharing, 360-degree videos ආදී බොහොමයක් වූවා. හෙලිවන නවතම තොරතුරු පවසන්නේ multiple angle videos හැකියවක් පිලිබදව මේ වන විට අත්හදා බැලීමක්ද සිදුවෙමින් පවතින බවයි. මේ ඔස්සේ concert, media event, tutorial, sports වැනි ඔනෑම වීඩියෝවක් මෙසේ විවිධ ආකරයෙන් නරබන්නට හැකිවීම අපූර්ව ඇත්දැකීමක් ගෙනෙන බවට පවසන ඔවුන් මේ සදහා අත්හදා බැලීමක් ලෙසට පසුගියදා artist Madilyn Bailey ගේ Music Night event විවිධ කෝන වලින් කැමරා හතරක් ඔස්සේ filmed කිරීමක් සිදුවූ බවටයි තොරතුරු හෙලි වන්නේ. ඔවුන් පැහැදී කරන්නේ වීඩියෝවේ දකුනු පස වන thumbnails ඔස්සේ හෝ keyboard shortcuts ඔස්සේ මෙම විවිධ කෝන තොරා ගැනීම කලහැකි වනු ඇති බවයි. දැනට මෙම අංගය තොරා ගත් භාවිතාකරන්නන් පිරිසක් අතර සිදුවෙමින් පවතින බවටයි ආයතනය පවසන්නේ. ඒ සදහා උනන්දුවක් දක්වන ඔබටත් පහත පි‍ටුව ඔස්සේ ඉල්ලීමක් කල හැකි වනු ඇත.

https://www.youtube.com/user/MadilynBailey/ChooseYourView

Posted in You Tube |

YouTube වල defaults බවට HTML5 Player පත්වෙයි…

   YouTube නිවේදනය කරන්නේ තම වීඩියෝවන් වෙබ් අවකාශය මතදී ධාවනය සදහා වූ default සැකසුම් Flash වල සිට HTML5 දක්වා වෙනස් කර ඇති බවයි. වඩාත් හොඳ performance, stability, battery life මෙන්ම ආරක්ශාව අතින්ද HTML5 තලයේදී වඩාත් පහසු වන අතර ගුගල් ආයතන් අයතනය තම you tube තුල වසරක පමන කාලයක සිට HTML5 player අත්හදා බැලීමේ මට්ටමින් භාවිතාකර සිටීමෙන් අනතුරව අවසානයේ මෙම default ප්ලේයරයේ වෙනස ගෙනෙන ලද බවටයි වාර්ථාවන්නේ. මෙම නව වෙනස සමග පහසුවෙන් Adaptive Bitrate streaming (ABR) එනම් නරබන වීඩියෝවේ qualityය වෙනස් කර ගැනීම මෙන්ම වඩාත් උපාංග සමග streaming හැකියාවද පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම පෙරට වඩා මිත්‍රශීලී mobile devices අතර භාවිතාවක්ද නව වෙනස් අසමග එනු ඇති බවට පැහැදිලි කෙරෙනවා.

Posted in Google, You Tube |

You Tube වීඩියෝවන් offlineද නරබන්නට හැකිය…

   You Tube ලොව ප්‍රධානතම භාවිතාවකි. නමුත් වේගයෙන් අඩු අන්තර්ජාල සම්බන්දතා ඇති රටකදී online ආකාරයට වන මෙම video සේවාවේ සේවය ලබා ගැනීම ගැටලුවක් වන අවස්ථා බොහොමයකි. එමෙන්ම එකම video නැවත නැවතත් නරබන්නට අවශ්‍ය වන විටකදී දත්ත සදහා වැඩි මුදලක් ගෙවන්නටද සිදුවේ. Google ආයතනය නිවේදනය කරන්නේ India, Philippines, Indonesia වැනි ‍තෝරාගත් ආසියානු රටවල් කිහිපයක් සදහා You Tibu වල videoවන් download කරගනිමින් නැරබීමේ අවස්ථාවක් මේ වන විට මුදා හැරෙමින් පවතින බවකි. එම ආයතනය පැහැදිලි කරන්නේ එක් බාගත කිරීමක් සමග එම Videoව පැය 24ක් පුරා offline නැරබීමේ අවස්ථාව ලැබෙනු ඇති බවකි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම සේවාව දැන්වීම් සහිත එකක් වන අතර YouTube app ඔස්සේ පමනක් නැරබීමට හැකි වන බව වන අතර වීඩියෝ upload කරන්නන් හට තම වීඩියෝවන් මෙසේ offline නැරබීමේ අවස්ථාව ලබා දෙනවා නැද්ද යන්න ‍තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.

Posted in You Tube |