Dec 31, 2015 6:46 pm – 2016 වසර Internet of Things (IoT) වසරක ලෙසට නම් කරන්නට හදාරන්නන් කැමතිව සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ ජීවිතය වටා ඇති බොහෝ උපාංග එකි නෙක යාවිමට වඩාත් පොලබවන සුලු වසරක වන්නට එය වඩාත් කැමති වනු ඇති බවයි. තවත් දෙසකින් විග්‍රහ වන්නේ “ජීවිතය වටා වන උපාංග ලෝකයට නව මානයක්” එක්වන වසරක් ලෙසට එය හඳුන්වන්නට හැකි වන බවයි. දැනට මත් ආරම්භව ඇති ස්මාර්ට් ශීතකරනය නැතිනම් ස්මාර්ට් රූපවාහිනියේ සිට නිවසේ විදුලි බල්බය දක්වා නැතිනම් ප්‍රධාන දොර‍ටුවේ අගුල දක්වා බොහෝ තැන් වෙතට සම්බන්දිත බව පැමිනීම ආරම්භ වනු ඇති බවට අනා වැනි පලවන්නේ වඩාත් විස්වාසනීය ආකාරයටය.
අධිවේගී අන්තර්ජාලය 2016 වන විට සාමාන්‍ය භවිතාවක් විමට අවශ්‍ය බව ද පැහැදිලිය. වඩ වඩාත් සංක්‍රියවන භාවිතාකරන්නගේ දෛනික ජීවිතට වටා වන තොරතුරු සංනිවේදන හැකියාවේ අවශ්‍යතාවය තව දුරටත් මන්දගාමී සබදතාවලට සපුරාලිය නොහැකි වනු ඇත. එක් පුද්ගලයෙක් වටා වන උපාංග අවකාශය වැඩි වෙන අතරම එම උපාංග වල වන online ක්‍රියාකාරකම්ද වෙගයෙන් වැඩි වෙමින් ඇත. පැමිනෙන තත්වය “ගිගා බිට්ස්”  සබඳතාවය සුපෝඛභෝගී මට්ටම කරනු ඇත.
ආරක්ශිත තොරතුරු  භාවිතාව 2016 සදහා වඩාත් අවධාරනය වන බවට දැනටමත් තොරතුරු හෙලි වෙමින් තිබේ. උපාංග තුල මෙන්ම උපාංග අතර තොරතුරු සබඳතාවය වඩාත් එන් ක්‍රිප්ට් වීම මෙන්ම උපාංග හා භාවිතාකරන්න අතර වන ආරක්ශිත සබඳතාවයද හිඳු අවසර පද වැනි ප්‍රාථමික ආකාරවල සිට වඩාත් ජීව විද්‍යාත්මක දත්ත දක්වා ඉලක්ක ගතවීම 2016ට ඉලක්ක ගතවෙමින් තිබේ. හදාරන්නන් දැනටමත්  Internet of Things (IoT) අවකාශයේ දී විධිමත් ආරක්ශිත බව අත්‍යාවශ්‍ය බව පැහැදිලි කර ඇත.
intelligence බව 2016දී තොරතුරු ලෝකය මතට පැමිනෙන මීලග ප්‍රධාන ඉලක්කයකි. වඩාත් ස්වාධීනව හැසිරියහැකි මෘදුකාංග මෙන්ම උපාංග පිලිබද බලාපොරොත්තුව 2016 දී වඩාත් කැපී පෙනෙනු ඇත. – Pubudu Siriwansa