සුරතලෙකු නිවසට කැඳවීම වගකිව යුතු කටයුත්තක් වේ. ආහරපාන වල සිට නියමිත වෛද්‍ය අවධානය පවතාගෙන යාම දක්වා වන නෙක වගකීම් ඒ අතර වේ. හදාරන්නන් පවසන්නේ නිවසේ සුරතෙලෙකු සිටීම ඔස්සේ ස්වාමියාට ලැබෙන ප්‍රථිපහසුකම්ද බොහෝ බවය. විටක දීර්ඝකාලීන මානසික කායික සෞඛ්‍ය වෙතට මොවුන්ගෙන් ලැබෙන සහය අපමන බවටයි පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම මෙවන් සංකීර්න කලබලකරී ජීවිතයකදී නිරන්තරයෙන්ම උරුමවිය හැකි Stress බව සමනයට ඉන් මනා සහයක් පැම්නෙන බව හදාරන්නන් වරින් වර පෙන්වා දෙන සාධකයකි. නිරන්තරයෙන් තම ස්වාමියා සමග සිටිමින්, ඔහුට සවන් දෙමින්, සරල ක්‍රියාදාම වලට කැඳවමින් මෙසේ තම සුරතලා ගෙනෙන සහනය මහත් බව කෙටි කාලය කින්ම ස්වාමියා තේරුම් ගනු ඇත.
ඔබ ‍තෝරා ගන්නා සුරතලුන් ගේ අන්‍යතාවයට අනූව වෙනස් වන අදරය , සුහඳ බව මෙන්ම ආරක්ෂාවද වැදගත් සාධකයන් වේ. සුවය ලබමින් සිටින අයෙකුට, විශ්‍රාමික සුවයෙන් සිටින අයෙකුට පමනක් නොව කාර්ය බහුල අයෙකුටද සුරතෙලෙකගේ ඇසුර විටක වෛද්‍ය උපදෙසක්ද විය හැකි තරම් සරල ප්‍රායෝගික සහයක් වන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. එසේම මේ ආකරයට තම ජීවිතයට ලංකරගන්නා සුරතලාගේ අනන්‍යතාවයට ගැලපෙන පරිසරය නිරන්තරයෙන් තබා ලීමේ වගකීමද අමතක නොකල යුතුය. එසේම උදාහරනයක් ලෙසට සැලකීමේ සුනඛ සුරතලෙකු ගැන සිතීමේදී ඔවුන්ගෙන් තමන් බලාපොරොත්තු වන සේවාව ට අනූව වර්ගව ඇති බවද, ඒ අනූව අදාල උපදෙස් මත ඒ ඒ වර්ග ‍තෝරා ගැනීම වැනි , එනම් ආරක්ශාව, සඟයෙකු ලෙස, විනෝදය පිනිස වැනි ආකාරවල කලයුතු බවටයි හදාරන්නන් උපදෙස් දෙනු ලබන්නේ.
තවත් අමතක නොකල යුතුම කාරනයක් වන්නේ ඔහු හෝ ඇය ඔබගේ සුරතලාවීම ඔවුන්ගේ අසරන බවක් සදහා ඔබ දක්වන පුන්‍යමය සහයක් පමනක් සැලකීම දියුනු සමාජගත අපට නොගැලපෙන මෙන්ම අකටයුත්තක් බවය. සමාජයේදී මිනිසුන්ට මෙන්ම සත්වයන් සදහාද අයිතිවසිකම් ඇති බවත් ස්වාමින්ගේ නොසැලකිල්ල මෙන්ම අතපසුවීම් ඔස්සේ අපහසුතාවයට පත්ව නොසිටින්නට ඔවුන් සතු අයිතියට ගරු කිරීමද අප අමතක නොකලම යුත්තකි.