ඔබ මිලදී ගත යුත්තේ ඔබගේ අවශ්‍යතාවය වඩාත් හොඳින් සපුරා ලිය හැකි වෙළඳ පොලේ ඇති නවීන පරිගණකයක් මිස වෙළඳ පොලේ ඇති නවීනමතම හෝ වැඩිම ඉල්ලුම ඇති පරිගණකය නොවීම ඔබගේ අවශ්‍යතාවයට මෙන්ම පසුම්බියටද සහනයක් වනු ඇත. වඩාත් හිතැති කාරනාව වන්නේ පලමුව ඔබගේ අවශ්‍යතාවය හඳුනා ගැනීම වේ. දෙවනුව විස්වාසනීය තොරතුරු තාක්ශනය සමග කටයුතු කරන තාක්ශන වේදියෙකුගේ සහය ලබා ගෙන එම අවශ්‍යතාවයන්ට වඩාත් ගැලපෙන අද වෙළඳ පොලෙහි ඇති හෙට දවසටත් හොඳින් වලංගු වෙතැයි විස්වාසකල හැකි පිලිගත් මට්ටමක පරිගනකයක් පිලිබඳව සලකා බැලීම වැදගත් වනු ඇත. මෙවන් විමසුමක් ඔස්සේ ඔබ තීරනයකට එලබෙන පරිගණක මෝස්තරය පිලිබදව ලොවපුරා භාවිතාකරන්නන් ගේ අදහස් සොයා බලන්නට පහසුවෙන් අන්තර්ජාලයට පිවිස එම මෝස්තර අංකය සමග අදාල වෙළඳ නාමය පමනක් සැහෙනු ඇත.
සාමාන්‍ය භාවිතාකරන්නෙකු ලෙසට අන්තර්ජාලයේ සැරි සරන්නට, අවශ්‍යවන ලිපි තොරතුරු ගොනු සකසා ගන්නට, විවේකී මොහොතක පරිගණක ක්‍රීඩාවක යෙදෙන්නට වැනි කාරනා සදහා පරිගණකයක් තොරා ගැනීමේ සිට සංකීර්න පරිගණක ක්‍රීඩා සදහා , ඔබගේ වෘතීය අවශ්‍යතාවය හෝ අනාගත බලාපොරොත්තුවක් වෙනුවෙන් සංකීර්න ග්‍රැ‍ෆික් කටයුතු සදහා , විටක සංගීත ගොනු සංස්කරනය වැනි කටයුත්තක් වැනි නෙක සුවිශේෂී කාරනා සදහානම් ඒවා සදහා වඩාත් හිතැති දෘඩාංග නිමැවුම් සමග එන පරිගණකයක් සදහා අවධානය යොමු නොකල හොත් ඉතා ඉක්මනින් ඔබගේ බලාපොරොත්තුව හා ඔබ මිලදී ගන්නා පරිගණකය අතර නොපෑහීම පැමිනෙනු ඇත.
කලකට පෙරදී මෙන් නොව හැම විටකම එම පරිගණකය සමග අව්‍යාජ මෘදුකාංග ලබා ගැනීමද අදවන විට ඉතා වැදගත් වේ. ක්‍රමයෙන් පැමින ඇති දියුනුවත් සමග අද වන විට ප්‍රධාන මට්ටමේ බොහෝ මෘදුකාංග සමග Online ආකාරයේ අමතර පහසුකම් බොහෝ වේ. සමහර මෘදුකාංග වල සමහර පහසුකම් Online ආකාරයට පමනක් භුක්තිවිදින්නට හැකිවන ලෙසට පමනක් පැමිනේ. එසේම නිතරම පාහේ නව යාවත්කාලීනයන්ගෙන් එම මෘදුකාංග සම්න්විතකරවා ගන්නට සිදුවන්නේ ආරක්ෂාව මෙන්ම වඩාත් නවීන නව අංග ඒ ඔස්සේ පරිගනඛයට ලබා ගන්නට හැකි වන බැවිනි. ඔබ ව්‍යාජ මෘදුකාංග නැතිනම් අයතා ආකාරයට සංක්‍රිය කරගත් මෘදුකාංග ස්ථාපනයෙන් බොහෝ ගැටලු ඇතිවන්නට බොහෝ අවකාශ විවරවේ. වර්තමානයේදී හොඳම තේරීම වන්නේ මිලදී ගන්නා සංස්කරනයක් කරා යාම හෝ ඒ සදහා ඇති නොමිළේ භාවිතාකල හැකි විකල්පය මෘදුකාංගයක් තොරා ගැනීම මිස අයතා ආකාරයට සංක්‍රියකරවන මෘදුකාංග සමග ඔබගේ පරිගණකය අනාරක්ශිත කර ගැනීම නොවේ.