එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් ඇත්තන්ට වඩා දැනුම ප්‍රියකරන්නන් සදහා එම ආයතනය වෙන් කරන සෑදෑවක් ලෙසටය.
පෙරකී ඇය සමග මා නොවරදවාම එම සැදෑවට සහභාගිවීම පුරුද්දක් කොට ගෙන තිබුනාය. සෑබෑ මිතුරන් පිලිබදව එක්තරා සාහිත්‍ය සටහනකින් මතකයට රිංගා ගෙන තිබූ කියැවුමක් සත්‍ය බව එහිදී මා හොඳින් පසක් කර ගතිමි. ” සැබෑ මිතුරන් හට හෝරා ගනන් දොඩමලු වන්නට හැකිවා සේම හෝරා ගනන් එකිනෙකා නොදොඩමින් උවත් එකට කාලය ගත කරන්නට හැකිය” යන්නය. විටක අඩ අඳුරු ගන්නා මේසයන් වටා අප වාඩි වී සිටියෙමු. හෝරා ගනන් අප දොඩමලුව සිටියෙමු. නෙක විද්‍යාවන් පමනක් නොව සංගීතය , වේදිකා නාට්‍ය, වනි නෙක මාතෘකා අතර දෙබසින් ඔබ මොබ ඇවිද්දෙමු. එනමුත් කිසිදු කායික ලංවීමකට උත්සාහ නොකලෙමු. ඉඳ හිටක මතුවන එවන් හැගීමක් පවා ඉක්මවන සංහිඳියාවකට අප මිත්‍රත්වය පිවිස තිබිනි.   ජීවිතයේ සමහර දෑ තර්කය ඔස්සේ විමසන්නට තැත්කිරීම මහත් විසුලු ස්වරූපයක් කැදවීමක් වෙ. මිනිස් සබඳතා විෂයෙහි මෙම තත්වය වඩාත් සතයයක්ව හමුවේ. මිනිසෙක් තවත් මිනිසෙකුගේ බුද්ධියට ආදරවීම, චතුර බවට ආදරකිරීම , රසවින්දනයට ආදරයවීම වැනි නෙක පැහැ ඒ ආකාරයට තේරුම් ගැනීමට හරිම අපූරුය. සියලු මිනිස් සබඳතා කිසියම් ආකාරයක ලාබදායී ගනුදෙනුවක් ලෙසට ලඝු කරලන්නට අවශ්‍ය වීම පැහැදිලිව තේරුම් නොගත් වෙළඳ පොල කරනය විචාරයකින් තොරව ජීවිතයට වද්දා ගැනීමට උත්සාහකිරීමකි. “සංහිඳියාව අහිමි කර ගැනීම. ජීවිතයෙන් භාගයක් මරනයට පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා ගේ වචන සටහන් නැවත නැවත ජිවිතයට පැමිනීම විසිතුරු අත්දැකීමකි.