ජීවිතය මතට තොරතුරු තාක්ෂනය පැමිනීම තව දුරටත් හුඳු තාක්ෂනික පොලාපැනීමක් ලෙසට පමනක් සැලකීම අතාර්කික වෙමින් තිබෙනවා හා ඒ අතාර්කික බව වඩාත් පැහැදිලි වෙමින් තිබෙනවා. අර්ථික දේශපලනික මෙන්ම සංස්කෘතික අර්ථවලින් මේ බව වඩාත් වසා ගනිමින් සිටින බවයි බොහෝ හදාරන්නන්ගේ මතය වෙන්නේ. ජීවවිද්‍යාත්මක ඇල්ගොරිතමයන් තව දුරටත් ජිවිත මෙහෙයවන මතුපිට භූමිකාව නොවනවා වාගේම සංස්කෘතික ඇල්ගොරිතමයන් ඉක්මවමින් තාක්ෂනික ඇල්ගොරිතමයන් වඩාත් ස්ථාවර වෙමින් තිබීම සින්ගියුලැරිටි වැනි නෙක භාවිතාවන් සමග කථාබහට පිවිසෙමින් තිබීම ඔස්සේ පැහැදිලි වෙනවා. සිරුර තුලට, සිරුර මතුපිටට හා ජීවිතය මතට වන මේ ආක්‍රමනය ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ගැටලුවක් ලෙසට අභියෝගාත්මක වීමට එලබෙන දශකයට වඩාත් නියමිත බව ඔවුන් පැහැදිලි කරනවා.

  • Pubudu Siriwansa