එලබෙන දශක එක හා දෙක අතරේදී නගර කේද්‍රීය ජීවිතයට වන ආකර්ෂනය  අඩු වේවි. වේගයෙන් වර්ධනය වන මිනිස් හැකියාවන් යාන්ත්‍රික වීමේ ප්‍රවනතාවයන් විසින් මෙසේ අධිකෘතීම බවකට ජීවිතයන් කැඳවන, අසහනකාරී මිනිස්  ආකෘතියට නැවත  හැරවුමක් සටහන් කරනු ඇත. අධ්‍යාපණය, සෞක්‍ය ප්‍රමුක මේ රාශිගතවීම් විසින් දරුනු ලෙසට ඛාදනය කරමින් සිටින ජීවවිද්‍යාත්මක ඇල්ගොරිතමය නිදහස් කිරීම පෘතුවිය මත මිනිස් සිෂ්ඨාචාරය නැවත නැවත ධනාත්මක වීම දෙසට යෝධ සහයක්ව දැනට අප භුක්තිවිඳිමින් සිටින සියලු ආකාරයේ ජීවිත මාදිලිවලට බලපැමක් කරනු ඇත. වැදගත්ම කාරනයක් වන්නේ මේ ආපසු ගහකොළ සතාසිව්පවා වෙතට නැවත සමීපවන්නේ කලකට ඉහත මේ ජීවවිද්‍යාත්මක සබඳතාවලින් ඉවත්ව ගිය ප්‍රාථමික ගැමියා නොව වසර සිය දහස් ගනනක් තිස්සේ තම වර්ගයා අත්පත්කරගත් මානසික මෙන්ම කායික හැකියාවන් දෑතේ ඇගිලි දුරින් වන යාන්ත්‍රික හැකියාවන් බවට හරවාගත් ජීවියෙක් ලෙසටය. පෙර යුගයේ රූපක සමග සසදන්නේනම් දේවත්වයට වඩාත් ලංවු ජීවීන් කොටසක් ලෙසටය. වඩාත්ම වැදගත් වෙන්නේ මේ ආපසු එන සගයා තම අනෙකුන් වන සතා සිව්පාවාට මෙන්ම ගහකොළ වෙතට වඩාත් ආදරනීය අවබෝධයක් ‍රැගෙන ඒමය. තව දුරටත් එය ආගමික සංස්කෘතික අර්ථවලින් පමනක් නොව තාක්ෂනික අර්ථවලින්ද පූර්ණව තිබෙනු ඇත.

  • Pubudu Siriwansa