Microsoft ආයතනය 2014 සැප්තැම්බර 14 දා Windows 10 පිලිබඳව නිවේදනය කරනු ලැබීය. ආයතනය පැහැදිලි කර සිටියේ තම මෙහෙයුම් පද්ධති සම්ප්‍රධාය වෙනස් කරමින් windows 10 සමග වඩාත් සමීප නඩත්තු සේවාවක් සදහාද සූදානම් බවයි. ඒ අනූව biannual feature updates, මෙන්ම මාසික cumulative updates වලින්ද නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධතිය ශක්තිමත් කරන්නට සැලසුම් කෙරිනි. 2015 ජූලි 29 මෙහෙයුම් පද්ධතිය නිකුත් කල අතර ඔවුන්පැවසුවේ windows 11 ලෙසට ඉදිරියට ගලා යාමක් සිදු නොවනු ඇති බවය. එසේම හදාරන්නන් පවසන්නේ සැබෑවටම මුල් නිකුතුවේ සිට සැහෙන ආකාරයක දියුනු කිරීම් කරන්නටද ඔවුන් සමත්ව ඇති බවය. Start Menu වේ සිට සංයුත්තව එන දියුනු කල ආරක්ෂිත බව දක්වාම බොහෝ අංගයන් හදාරන්නන්ගේ අවධානය දිනා ගන්නට සමත්ව ඇති බව බොහෝ පිලිගැනීමයි. මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී ස්වක්‍රීයව පැමිනෙන අනවශ්‍ය මෘදුකාංග කොටස් (Candy Crush Saga, Candy Crush Soda Saga, Bubble Witch Saga) විවේචනද නැතිවා නොවේ. Windows Ink, OneNote වල සිට Edge දක්වා ආකර්ශනීය අංගද ඇගයීමට ලක්වෙමින් ඇත.
පොදුවෙ සැලකීමේදී ආකර්ෂනීය පෙනුම, ආරක්ෂිත බව, මෘදුගලයාම, බොහෝ සේවාවන් සංයුත්තව පැමිනීම, උපාංග අතර පහසු යාවීම, ඔන්ලයින් අවකාශය සමග සමීප වීම වැනි දියුනු කිරීම් පිලිබඳව සාර්ථක අවධානයක් දිනා ගන්නට වින්ඩෝස් 10 සමත්ව ඇති බව පිලිගැනෙමින් තිබෙන අතර ඔවුන් බලාපොරොත්තු වූ තරමින්ම භාවිතයට නොපැමිනීම පිලිබඳව කථා බහට ලක්වෙමින් තිබෙනවා.
– Pubudu Siriwansa