ඔනෑම උපකරනයක් සමග සුහදව කටයුතු කිරීම වැදගත් වේ. එවිට එම උපකරනය හොඳින් ක්‍රියාත්මක වනවා පමනක් නොව වැඩිකාලයක් එසේ ඔබ වෙතට සේවාය සලසන්නට කැමතිද වේ. සාපේක්ශව පරිගණකය ඒ ආකාරයේ උපකරන අතරින් වඩාත් කැපී පෙනෙන්නක්ද වන්නේ එය සියුම් මෙන්ම සංකීර්න ක්‍රියාත්මක බවකින්ද යුත්ත නිසාය. ඔබගේ Pc යන්ත්‍රය වඩාත් නිදහස් වාතාශ්‍රිත පරිසරයකට කැමති වනු ඇත්තේ එම යන්ත්‍ර අතරින් අතිමහත් ප්‍රමානයක්ම, එය ක්‍රියාත්මක වීමේදී උපකරනය තුල නිර්මානය වන අධික උෂ්නත්වය පාලනය කර ගැනීම සදහා යොදා ගන්නේ එය අවට පරිසරයේ වන සාමාන්‍ය පරිසර සිසිල් වාතය වන බැවිනි. එම වාතය ප්‍රොසෙසරය මත වන Heatsink එක මතින් ගලා ගෙන යාමට සැලසීමෙන් එම අවශ්‍යතාවය සපුරා ගන්නා අතර ඒ නිසාම එම වාතාශ්‍රය සිසිල් මෙන්ම දුහුවිලි බවින් තොරවීම වදගත් වන්නේ ඒවා පෙර කී සිසිල් කරවීමට සහය වන උපකරනය මත බැදීමෙන් එම ක්‍රියා වලියට බාදා ගෙනෙන බැවිනි.
ඔබගේ පරිගණකයට ප්‍රධාන ලෙසින්ම බාදා ගෙනෙන්නේ භෞතිකව එය අත්පත්කර ගැනීමට අවස්ථාව සැලසීමෙන්ම පමනක්ම නොවේ. මෘදුකාංග ආශ්‍රිතවද එය සිදුවිය හැක. ඒ ආකාරයේ සාර්ථක ආසාධනයකදී ඔබගේ පරිගණකය ඔබගේ පරිගණක කාමරයේ සු‍රැකිව ඇති බවක් පෙන්නුවද එය සැබවින්ම භාවිතාකරන්නේ බාහිරින් සිට අන්තර්ජාලය ඔස්සේ එය මෙහෙය වන්නෙකුගේ තත්වයට පත්වීමද බහුලව සිදුවිය හැක. මෙම තත්වය උද්ගතවීම වලක්වා ගැනීම සදහා නම් එම පරිගණකය භාවිතයට එලබෙන පලමු පියවරේ සිටම කල්පනාකාරී වීම වැදගත්වේ. පිරිසිදු මෙහෙයුම් පද්ධතියක ස්ථාපනය කර ගැනීම පලමු වැන්නය. අදාල අනකුත් සහය මෘදුකාංග නියමිත පරිදි සංක්‍රීය කරගත් ඒවා වීම වාගේම එසේ නොවන අවස්ථාවලදී නොමිළේ ලබා ගත හැකි හොඳ පිලිගැනීමක් ඇති මෘදුකාංග වීම වැදගත් වේ. බොහෝ විට අත්හදා බැලීම සදහා වෙළඳ ආයතනයන් ගෙන් නිකුත්ව කෙටිකාලීන භාවිතකාලයක් ඇති මෘදුකාංග ස්ථාපනය නැවත නැවතත් නව මෘදුකාංග විකල්ප සෙවීමකට ඔබව පොලබවනු සුලු බැවින් කල්පනා කාරී වීම වැද්ගත් වන්නේ ඒවා බොහෝ විට සැලසුම් වන්නේ එම කෙටි අත්හදා බැලීමේ කාලයෙන් පසුව නියමිත ආකාරයට භාවිතාකරන්නා ඒවා සංක්‍රිය කර ගනු ඇති බවට වන පෙර නිගමනක් සමග වීම නිසාය. තවත් වැදගත් කාරනයක් වන්නේ ආරක්ශක මෘදුකාංග වැනි සමහර මෘදුකාංග හොඳින් නැවත අස්ථාපනය සදහා එම නිෂ්පාදකයින්ම ලබා දෙන මෘදු ටූලයන් භාවිතාකිරීමය. සාමාන්‍ය ආකාරයට එම මෘදුකාංග අස්ථාපනයේදී හොඳින්ම එම කාරනය ඉ‍ටුනොවීම මෙයට හේතුවයි. බොහෝ විට යම් මෘදුකංගයක් ස්ථාපනයට පෙර අදාල නිෂ්පාදකයින්ගේ උපදෙස් හොඳින් කියවා පැහැදිලි කර ගැනීම වැදගත් වන්නේ මෙවැනි ආකාරයේ අසාර්තක මෘදුකාංග අස්ථාපනයන් කිහිපයක් පසුකරන විට පරිගණකය අපහසුතාවයට පත්විය හැකි නිසාය.

අනවශ්‍ය ලෙසට බොහෝ මෘදුකාංග තම පරිගණකය මතට ස්ථාපනය කර ගෙන තිබීමද තවත් ගැටලුවකි. කාලකට වරක් තම පරිගණකය මත ස්ථාපනයව ඇති අනවශ්‍ය මෘදුකාංග විමසා බලා අනවශ්‍ය හෝ කාලයක් තිස්සේ භාවිතාවට නොගැනෙන මෘදුකාංග ඉවත්කර දමන්නට කටයුතු කිරීම වැදගත් භාවිතාවක් වේ. එසේම ස්ථාපනයව ඇති මෘදුකාංග නියමිත ආකාරයට යාවත්කාලීනව නොතබා ගැනීමද තවත් ගැටලු ගෙන එන කටයුත්තකි. බොහෝ විට මෘදුකාංග නිකුත් කරන සමාගම් ඒවා සදහා යාවත්කාලීන නිකුත් කරනුයේ හඳුනා ගෙනා ඇති එම මෘදුකාංගවල වන දුර්වලතා පිලිසකර කිරීමට මෙන්ම අවශ්‍ය විටකදී වැඩි දියුනු කිරීම් ඒවා වෙතට ලබා දීමට වේ. මේ කටයුත්තේදී සමහර අතිවදගත් විය හැකි සමහර සහය මෘදුකාංග සදහා Windows update වැනි ස්වංක්‍රීය යාවත්කාලීන ක්‍රියා වලීන් සමගම එම යාවත්කාලීනයන් පැමිනීම සිදුවන අතර එම අංගයන් තම මෙහෙයුම් පද්ධතියේ විවෘතව තැබීමත් අනෙකුත් යාවත්කාලීනයන් සදහාද ස්වංක්‍රීයව ක්‍රියාත්ම වෙමින් යාවත්කාලීන සොයා බලන මෘදුකාංගයන් ස්ථාපනය කර ගැනීම වැදගත් වේ. මේ වන විට ආරක්ශක මෘදුකාංග සමගද මෙම අංගයන් පැමිනීම බහුලව දැකිය හැක.