The BBC වෙතින් නිකුත්වන පුවතක් පැහැදිලි කරන්නේ දෙමාපියන්(UK වල) වෙතට තම දූ දරුවන්ගේ Online හැසිරීම පිලිබදව හදාරන්නට සහය වන app එකක නිකුත්වීමක් මෙම වසරේ සිදු වන්නට නියමිත බවකි. තම දරුවන් Online යනෙන වෙබ් අඩවි පිලිබදව සේම ඔවුන් දවස මුලුල්ලේ යවන හා ලබනු ලබන පනිවිඬ වල තොරතුරු මෙන්ම අමත්‍ර තොරතුරු මෙම appමෘදුකාංගය ඔස්සේ පහසුවෙන් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම වාර්ථාව තුලදි දරුවන් හය දෙනෙකුගෙන් මේ පිලිබදව අදහස් විමසීමේ දෙදෙනෙකු ගැටලුවකින් තොරව මෙම පැමිනීමට එකග වූ බවත් එක් දරුවෙකු “”some of the language we use now-a-days as teenagers might not be appropriate for my parents to see.”” ලෙසට තරමක වෙනස් ආකාරයකට තම ප්‍රථිචාරය දැක්වූ බවටයි සඳහන් වන්නේ. නව යුගයේදී දරුවන් වෙතට අපහසුතා කැඳවන cyber-bullying වැනි තත්වයන් වලදී දෙමා පියන් වෙත වැඩි මැදිහත් වීමකට මෙම පැමිනීම වැදගත් වනු ඇති බවට බලපොරොත්තු තැබිය හැකි අතර තම දරුවන්ගේ දවසේ හැසිරීම පිලිබදව තොරතුරු කියන මෙම නව පැමිනීමට Digital Age දරුවන් දක්වන ප්‍රථිචාරය ලගදීම දැකගන්නට හැකි වනු ඇත.

වීඩියෝව