“පරිගණක භාවිතාවේ අනාරක්ශිත බව බොහෝ විට එන්නේ භාවිතාකරන්නගේ නොසැලකිලිමත් බවවිනි.” යන්න හදාරන්නන්ගේ ප්‍රධාන මතයකි. සරල අවසර පද භාවිතය , නිසි පරිදි යවාත්කාලීන නොකරන මෘදුකාංග , අනවශ්‍යව තොරතුරු නිරාවරනය කිරීම වැනි බොහෝ කාරාරනා ඔවුන් නිරන්තරයෙන් යෝජනා කරයි. “සැබෑම තාක්ශනික දුරවලතා ඔස්සේම පමනක් එන දුර්වලතා ලෙසට සැලකොව හොත් අපිට තිර්නය කරන්න වන්නේ ඒවා භාවිතාකරන්නා ගේ කිසිදු අවධානයකින් හෝ අනවධානය කින් පාලන නොවන ප්‍රෂ්න ලෙසට සලකන විටදී අපට පෙනෙනවා ඒවා බොහෝ විට අල්ප බව”. ඔවුන් පැහැදිලිවම පවසා සිටී. බොහෝ හානීන් ආරම්භ වන්නේ භාවිතාකරන්නා විසින් අවශ්‍ය අවධානය නොදීම නිසා යන්න පැහැදිලි කරන ඔවුන් යෝජනා කරන්නේ “මෘදුකාංගයක් ස්ථාපනයට පෙර පහසුවෙන් අන්තර්ජාල ඔස්සේම ඒ ගැන සොයා බලන්නට හැකි වුවත් ඒ පිලිබද කටයුතු කරන්නේ නැහැ, භාවිතාව අනූව කලකට වරක් ඒවා නිසි පරිදි යාවත්කාලිනව අත්දැයි සොයා බලන්නට මෙන්ම අනවශ්‍ය මෘදු කොටස් ක්‍රියාත්මකව ඇත් දැයි බැලිය යුත් මුත් ඒ පිලි බවද අවධානය යොමු නොකිරීම බොහෝ විට හානිකරන්නන්නට ක්‍රියාත්මක වන්නට පහසුවක් වෙලා තිබෙනවා” ලෙසටයි. “ලැබී ඇති ඊමේලයක් විවෘත කරන්නට පෙර මදක් සලකා බැලිය යුතුයි එවන්නන්ක් ලැබිය හැකිද කියා, නැතිනම් එම පැමිනීම තාර්කිකව විය හැක්කක්ද කියා.එහි වන සබඳතාවක් අවදිකරන්නට පෙර තිබිය යුතු එම අවධානය නොලැබීම ඉන්පසුව ලැබෙන මොනතරමේ අවධානයක් ඔස්සේ වත් නැවත ආපසු හරවන්නට බැරිවීම තාක්ශනයේ වරදකට වඩා භාවිතාකරන්නාගේ වරද ලෙසටයි අපට පිලිගන්නට වන්නේ” ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කර සිටිනවා.