ප්‍රකට AVG ආරක්ශක මෘදුකාංග සමාගම පවසනවා PowerOffHijack නම් Android හානිකරය උපාංගය turned off මට්ටමේදී පවා සංක්‍රියව spying ආකාරයට හැසිරෙනු තමන් හඳුනාගෙන ඇති බව. චීනය ආශ්‍රිතව මුලින්ම හඳුනාගෙන තිබූ මෙම හානිකරය ඔස්සේ ආසාධිත උපාංග 10000 කට වඩා මේ වන විට තමන් වෙතට වාර්ථාවී ඇති බවටයි ඔවුන් හෙලි කරන්නේ. 5.0 (Lollipop) සංස්කරනයට පහත සංස්කරන සමග ක්‍රියාත්මක වන මෙම හානිකරය විසින් භාවිතාකරන්නා තම උපාංගය power button ඔස්සේ turned off කරන්නට උත්සාහකරන විට ව්‍යාජ ස්ක්‍රීනයක් ඔස්සේ shut down වන බවක් පෙන්වන අතර නමුත් එය සංක්‍රියව තිබෙන අතර outgoing calls, take pictures වැනි ක්‍රියාවන් කරන්නට හැකියාව තබ ගනිමින් භාවිතාකරන්නගේ තොරතුරු ලබා ගැනීම සිදුකරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම හානිකරය පැතිරීම rooted devices අතර පහසුවෙන් සිදුවෙමින් ඇති බවයි. ඔවුන්ගේ ආරක්ශක මෘදුකාංගය හරහා මෙම හානිකරය හදුනා ගැනීමේ හැකියාව පෙන්වා දෙන එම ආයතනය උපකරනයේ බැටරිය ඉවත් කිරීම වැනි ක්‍රියාවක් ඔස්සේ උපාංග සම්පූර්න අක්‍රිය වූ බව සහතික කර ගැනීමට හැකි බවටයි පවසන්නේ.