Back to Top

Monthly Archives: May 2015

Windows 3.0 පැමින වසර 25කි…

   Windows 3.0 සැලකෙන්නේ Microsoft වෙතින් පැමිනි මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක් සටහන් කල නිකුතුව ලෙසටය. DOS ස්වභාවයේ සිට වර්ථමානයේ පවතින මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය තැබූ සටහන වඩාත්කැපී පෙනෙන්නේ නිෂ්පාදකයින් වෙතින් පෙර ස්ථාපිතව පැමිනෙන පලමු මෙහෙයුම් පද්ධතිය වීමත්, 256 full colours සහය දැක්වීමත්, Control Panel එකක් මෙන්ම, දියුනු කල windowing system සමන්විතව පැමිනීම වැනි බොහෝ හේතූන් නිසාවෙනි. පලමු නිකුතුව සිදුවී වසර 25 සැමරෙන්නේ May 22, 1990 එම නිකුතුව සිදුවූ බැවිනි. පහත දැක්වෙන්නේ මෙම සංස්කරනය සදහා “recommended” මට්ටමේ වූ තාක්ශනික අවශ්‍යතාවයන්ය.
8086/8088 processor or better
384 KB of free conventional memory (real mode), 1 MB (Standard Mode), or 2 MB (Enhanced Mode)
Hard disk with 6-7 MB of free space
CGA/EGA/VGA/Hercules/8514/A/XGA graphics and an appropriate and compatible monitor
MS-DOS version 3.1 or higher

Posted in Microsoft, Windows |

Microsoft තුල දියුනු වෙමින් ඇති Irides project‍ ටුව…

    Virtual Reality තොරතුරු ලෝකයේ අනාගත ගමන් පතයෙහි කැපී පෙනෙන සලකුනකි. Text හා Images ඉක්මවන තිරය ප්‍රධාන භාවිතාව පසුකරන හෙට දවසේදී වඩාත් තාත්වික අත්දැකීමකට භාවිතාකරන්නා කැදවන්නට මෙහිදී හැකිවන බවට බොහෝ සෙයින් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. දෙනතට පැලදෙන උපාංගය ඔස්සේ වඩාත් ත්‍රිමානීයව තොරතුරු අත්දැකීම භාවිතාකරන්නා වෙතට කැඳවෙන තාක්ශන දියුනු කිරීමක් වෙනුවෙන් Microsoft වෙතින් පැමිනෙන ව්‍යායාමය Irides project ලෙසට නම්ව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ සදහා වන ඔවුන්ගේ දියුනු කිරීමවන head-mounted displays (HMDs) වලදී වඩාත් තියුනු කරන ලද responsiveness හ mobility බවින් වැඩි අත්දැකීමක් ගෙන එන්නට cloud තාක්ශනය භාවිතාව පදනම් වෙමින් low-latency හා low-bandwidth ක්‍රියාත්මකවීමක් සමග හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. එසේම ලබන අත්දැකීම වඩාත් භාවිතාකරන්නාගේ කැමැත්තට සමීප කර දෙන “likelyhood-based foveation” තාක්ශනයද ඔවුන් භාවිතාකරමින් සිටිනවා. දැනටමත් මෙම දියුනු කිරීම Doom 3 සමග සාර්ථකව අවසන් කර ඇති අතර තවමත් research project එකක් ලෙසට පවතින මෙහි නිකුතුව VR headset එකක් ලෙසට වඩා HoloLens වල අනාගත සංස්කරනයක් ලෙසට පැමිනීමේ වැඩි අවකාශයක් පවතින බවටයි බලාපොරොත්තු වන්නේ.

Posted in Microsoft, New Technology |

Microsoft වඩාත් නම්‍ය හා මුද්‍රනය මිත්‍ර පරිපත දෙසට…

    සාම්ප්‍රධායික තොරතුරු උපාංග ලෝකය පුපුරා යමින් ඇත. වඩාත් නම්‍ය ප්‍රායෝගික උපාංග එක් දෙසකින් වේගයෙන් කරලියට පිවිසෙන අතරම තවත් දෙසකින් භාවිතාවද වඩාත් වැදගත් වෙමින් ඇත. භාවිතාකරන්නා මූලික තොරතුරු ලෝකය නිර්මානය වෙමින් ඇත. එය තව දුරටත් උපාංගය පසුපස හඹා යන්නා වෙනුවට භාවිතාව භාවිතාකරන්නා හඹෑන තොරතුරු ලෝකයක් නිර්මානය කරමින් සිටී. මෙවර Microsoft වල Research’s Devices and Networking Summit වලදී printable හා foldable electronics පිලිබදව වැඩි අවධානයක් ගනු ඇති බවට බලාපොරොත්තුවූවේ එබැවිනි. textile මත නිර්මාණය වන සංවේධයන් හා බටනයන් සහිත අනාගත උපාංග වැනි දෛනික ජීවිතය මතවඩාත් සුව පහසු හා ප්‍රායෝගික පැමිනීම් අනාගතයේ දිශානතිය ලෙසට ඔවුන් උපකල්පනය කර සිටින්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. ද්‍රව්‍ය මත මුද්‍රනය වන transparent organic conducting polymer වැනි භාවිතාවන් සමග වන organics, carbon nanotubes හා silver nanoparticles සමග නිර්මානය වන circuit board පිලිබදව ඔවුන්ගේ අත්හදා බැලීම් වඩාත් කේද්‍රගත කරන්නට තීර්නය කරන්නට ඇත්තේ එනිසා වෙනි.

Posted in Microsoft |

වඩාත්ම ආරක්ශිත බ්‍රවුසරයකි Edge -Microsoft…

   Microsoft සමාගම තම නවතම Edge බ්‍රවුසරය පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලිකරන්නට කටයුතු කරමින් සිටිනවා. Project Spartan ලෙසට මුලින් නම් දරමින් පැමිනි මෙම බ්‍රවුසරය සමග වඩාත් නම්‍ය, වේගවත්,ආරක්ශිත භාවිතාවක් සහතික කරන්නට ආයතනය දැනටමත් කටයුතු කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ Windows 10 සමග වන මෙම බ්‍රවුසර භාවිතාව සමග phishing attacks, malicious extensions, memory corruption වැනි භාවිතාකරන්නන් බහුලවම අත්විදිමින් ඇති අපහසුතාවන් පාලනය කර දෙන්නට කටයුතු කරනු ඇති බවටයි. නව බ්‍රවුසරය සමග එන SmartScreen, Certificate Reputation checking, HTTPS lock symbolමෙන්ම EV Cert green bar වැනි අංගයන් පිලිබදව ඔවුන් මෙහිදී පැහැදිලි කර සිටිනවා.sandbox නොහොත් ආරක්ෂිතව වෙනම තලයක මෘදුකාංග ධාවනයේ තාක්ශනය මෙම බ්‍රවුසරය සමග වඩාත් දියුනු ආකාරයට ක්‍රියාත්මක වන බව පැහැදිලි කරන ආයතනය එහි වන app ස්වභාවය නිසා පහසුවෙන් හා වේගවත් යාවත්කාලීන හැකියාවක් ලැබෙනු ඇති බවට පවසනවා.

Posted in Browser, Microsoft, Windows 10 |

Skype Translator විවෘතව අත්හදා බලන්නට දැන් හැක…

     Skype Translator යනු තොරතුරු ලෝකය වෙතින් මිනිස් වර්ගයා වෙතට පැමිනි වඩාත්ම ඵලදායී නිකුතුවක් බව විචාරනය වෙමින් ඇත. එක් භාවිතාකරන්නෙකු තම භාශාවෙන් කථාකරන අතර අනෙක් සහභාගී වෙන්නා වෙතට ඔහුගේම භාෂාවෙන් අහුම්කන් දෙන්නට මෙන්ම ඔහු ඔහුගේ භාෂාවෙන් කථාකරන විට පලමු භාවිතාකරන්නා වෙතට තම භාෂාවෙන් අහුම් කන් දෙන්නට හැකිවීම ඒ වෙතින් එන පහසුවයි. Microsoft සමාගම පසුගිය නොවැම්බරයේ මෙම හැකියාව පලමුව අත්හාදාබලන්නන් වෙතට සීමිත ආකාරයට නිකුත්කල අතර ආයතනය ඊයේ පැවසුවේ තම Windows apps sore වෙතින් මෙම Skype Translator Preview app පහසුව ලබ ගැන අත්හදා බැලීමේ හැකියාව විවෘත වන බවයි. දැනට මෙම පහසුව Windows 8.1, හා PCs මෙන්ම tablets වලට හා Windows 10 preview builds වලට සීමා වන බවට ඔවුන් ප්‍රකාශකර සිටිනවා. එසේම මෙම පහසුව ප්‍රධාන ලෙසට තවමත් English / Spanish අතරට පමනක් සීමාව ඇති අතර නිදුරේදීම එම සීමා පුලුල් වනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.

Posted in Microsoft, Windows 10 |

Windows 10 හා Edge බ්‍රවුසර නිකුතුව….

     Microsoft සමාගම මේ වන විට Windows 10 සදහා දිගු අනු නිකුතූන් පෙලක් ගෙනැවිත් තිබේ. ආයතනය පැහැදිලි කරන්නේ ඉදිරියේදී වසර කිහිපයක් සදහාම Windows 10 සමග තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට කටයුතු කරන්නට තමන් සූදානම් වන බවයි. පැවති නව සංස්කරන පැමිනීමේ වේගය මදක් අඩාල කොට වේගයෙන් පුලුල් වන විවිධ උපාංග සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව සමග ඉදිරියට යන්නට කටයුතු සැලසුම් වෙමින් ඇති බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. 2016ට සැලසුම්ව ඇති Redstone සංස්කරනය පැහැදිලි කරන ඔවුන් විස්තර කරන්නේ Windows 10 සමග සැලසුම්ව තිබූ මුත් කාර්ය බහුලත්වය සමග මග හැරුනු සමහර අංගයන් සමග නව අංගයන් රාශියක් මෙම මෙගා යාවත්කාලීනය සමග වන්නට නියමිත බවකි.
මීලග බ්‍රවුසර නිකුතුවක් ලෙසට දැනටමත් ආයතනය නිවේදනය කර තිබෙන Edge විවෘත මෘදුකාංගයක් ලෙසට නොපැමිනෙන බවත් මුත් එය වඩාත් නම්‍යව සියලු ෆැලැට් ෆෝම් සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන්නටත් වඩත් තරගකාරී බ්‍රවුසර අත්දැකීමක් භාවිතාකරන්නාහට ගෙනෙන්නටත් සූදානම් බවටත් මේ වන විට කරුනු හෙලිව තිබෙනවා.

Posted in Microsoft, Windows 10 |

Windows Media Center සමුගනී!!

ක්‍රමයෙන් Windows 10 වෙතට පැමිනෙන විට මෙහෙයුම් පද්ධතිය වෙතින් ගිලිහෙන අංගයන්ද ඇත. ඒවා අතර කැපී පෙනෙන අංගයක් වන්නේ Windows Media Center මෘදුකාංගයය. පසුගියදා සැන් ප්‍රැන්සිස්කෝ වල පැවති මෙම වසරේ මෘදුකාංග සංවර්ධකයන්ගේ හමුවේදීද මේ මෘදුකාංගය පිලිබදව කිහිදු තොරතුරක් සඳහන් නොවුනු අතර හදාරන්නන් යෝජනා කරන්නේ Windows 8 වල සිට අත්හැර දැමෙමින් ඇති Windows Media Center මීලග මෙහෙයුම් පද්ධති ප්‍රධාන සංස්කරනයෙන්ද ඉවත්විම නිල වශයෙන් ඩ්පෙන්නුම් කෙරෙමින් ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ Xbox One මේ සදහා විකල්පයක්ව ආයතනය සලකමින් සිටිනවා විය හැකි බවකි.