Skype Translator යනු තොරතුරු ලෝකය වෙතින් මිනිස් වර්ගයා වෙතට පැමිනි වඩාත්ම ඵලදායී නිකුතුවක් බව විචාරනය වෙමින් ඇත. එක් භාවිතාකරන්නෙකු තම භාශාවෙන් කථාකරන අතර අනෙක් සහභාගී වෙන්නා වෙතට ඔහුගේම භාෂාවෙන් අහුම්කන් දෙන්නට මෙන්ම ඔහු ඔහුගේ භාෂාවෙන් කථාකරන විට පලමු භාවිතාකරන්නා වෙතට තම භාෂාවෙන් අහුම් කන් දෙන්නට හැකිවීම ඒ වෙතින් එන පහසුවයි. Microsoft සමාගම පසුගිය නොවැම්බරයේ මෙම හැකියාව පලමුව අත්හාදාබලන්නන් වෙතට සීමිත ආකාරයට නිකුත්කල අතර ආයතනය ඊයේ පැවසුවේ තම Windows apps sore වෙතින් මෙම Skype Translator Preview app පහසුව ලබ ගැන අත්හදා බැලීමේ හැකියාව විවෘත වන බවයි. දැනට මෙම පහසුව Windows 8.1, හා PCs මෙන්ම tablets වලට හා Windows 10 preview builds වලට සීමා වන බවට ඔවුන් ප්‍රකාශකර සිටිනවා. එසේම මෙම පහසුව ප්‍රධාන ලෙසට තවමත් English / Spanish අතරට පමනක් සීමාව ඇති අතර නිදුරේදීම එම සීමා පුලුල් වනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.