Back to Top

Category: Tharu Minisa

මිනිස් කුලය ගැන වන සටහනකි.

හතලිස් වන කොටස

සෑදෑව කෙමෙන් දැඩිවෙත්ම ගිම්හාන සැදෑවල් වලදී නගර උද්‍යානය ජනාකීර්න වන්නට පටන් ගනී. නගර වැසියන් ලමා ලපටීන් සමග උද්‍යානය වෙතට පැමිනීම මෙහි සිරිතය. විටක මධ්‍යම රාත්‍රිය වෙත්ම මෙහි කාලය ගත කරති. හොඳින් ආලෝකමත්වන උද්‍යානය අවශ්‍ය ආරක්ශාව සපයන අතර ජංගම අවන්හල් වෙතින් රාත්‍රී ආහාර වේල දක්වා මෙහි ‍රැදෙන්නට පොලබවන සුලුය. තම ජංගම උපාංග ‍රැගෙන එන ඔවුන් තම අධ්‍යාපන , වෘතීය හෝ විනෝදත්මක සුපුරුදු ජීවිතය අකංඩව පවත්වාගෙන යාමට කටයුතු කරයි. සමස්ථ උද්‍යාන කලාපයම නිදහස් දත්ත සබඳතාව සපයන අවකාශයක් වන අතර ඒවා ආරක්ශිතව ලබා දීමට මෙන්ම ඉතාම කලාතුරකින් හැරෙන්නට හානිකර ලෙසට හැසිරෙන පුද්ගලයන් මෙහි බොහෝ සෙයින් විරලය.
“අපිට නතරවුනු තැන සිට ඉදිරියට යන්නට නම් මට මතක විදිහට ඔවුනගේ පාලන රටාවල් පිලිබදව තොරතුරු සටහන් කරන්නට වේවි. මට දැනෙන විදිහට දියුනු මිනිස් සමාජවල වලටත් එහාට යන සමාජ රටාවන් ඔවුන් සතුයි. සාමන්‍යයෙන් සිදුවන අධ්‍යාපනය ඔස්සේ ශිෂ්ථසම්පන්න කිරීමේ ක්‍රියාවලිය එතරම්ම සැහැල්ලුව පවතිද්දී ඔවුන් කොහොමද ඒ තරම් ක්‍රමවත් ජීවන රටාවකට ඇතුල් වන්නේ කියන එක අපිට පැහැදිලි කර ගන්නට වේවි. මම හිතනවා ජීවවිද්‍යාත්මකවම ඔවුන් අපට වඩා දෑ අත්පත්කරගෙන සිටිනවා. එතකොට පැමිනෙන ගැටලුව තමයි අප හා සමාන මෙන්ම මේ තරන්ම් හුදකලා වනු ජන කොටසක් කොහොමද මේ තරම් ඉදිරියෙන් ඉන්නේ කියන එක. අපහා සමාන සම්ඝවයක්, ජාන ඉතිහාසයක් දරන ඔවුන් ඒ පොලා පැනීම අත්පත්කරගනේ කොහොමද කියලා අපට පැහැදිලි කරගන්නට වෙයි.” ඇය නිහඬව සියල්ලටම ඇහුම්කන් දෙමින් සිටී. “ඒක පිටසක්වලින් පැමිනි යම් ප්‍රබෝධයකින් ඔවුන් අත්පත්කර ගත්තාද? නැතිනම් අප පෘතුවියේ වන බවට සමහර හදාරන්නන් යෝජනා කරන කුන්ඩලනී ශක්තිය වැනි යමක් ඔස්සේ අපට වඩා වැඩි වේගයකින් ඔවුනගේ ජාන පරම්පරාවල් ගෙන යන විනය අවබෝධය ප්‍රබෝධමත් වුනාද? වගේ බොහෝ උපකල්පන ඔස්සේ අපට ඉදිරියට යන්නට වේවි. අවශ්‍ය තොරතුරු ‍රැස්කරගන්නට හැදෑරුම් ආයතන බොහොමයක උදවු පතන්නටත් වේවි. ඔබ මොහද හිතන්නේ මේ ගැන? ඇයගේ පිලිතුර සරලය. “මම සූදානම්”.
“ධනය හා බලය මත පදනම් වන අපේ දෛනික ලෝකය වෙතින් ගිලිහුනු බොහෝ දේ වෙතැයි මම සිතනවා. මෙවර මගේ මූලික හැදෑරීම් වලට අමතරව අදදවසේ වෛද්‍ය විද්‍යාවේ ගමන් මග ගැන කෙටි හැදෑරිමක් කරන්නට මම උත්සාහ කලා. එම ආයතනයේ මහචාර්ය වරුන් කිහිප දෙනෙක් සමග කථබස් කරමින් තොරතුරු ‍රැස්කරන්නට මම උත්සාහ කලා.විටක ඔවුන් අපැහැදිලිව වුවත් මාත්සමග එකග වන්නට සිදූවුනා මේ විෂයේ උනත් ප්‍රධාන දිශානතිය යොමුවෙලා තියෙනේ ලාබය හා බලය දෙසට මිස සමස්ත මිනිස් වර්ගයාගේ උන්නතියටම නෙමෙයි කියලා”. මෙම හැදෑරීම් මුදල් විසින් මෙහෙයවන්නක් නොවනවා සේම යෙදවන උත්සාහයට කෙසේ වෙතත් කිසිදු ආර්ථික ලාභයක් නොගෙනෙනු ඇති වුවත් සාමාන්‍ය මිනිස් ධාවන පතයෙන් ඔබ්බෙන් වන මෙම උත්සාහය මිනිස් වර්ගයාගේ හෙට දවස වෙනුවෙන් අල්පමාත්‍ර වූ හෝ සේවයක් ගෙනෙනු ඇති බව අප දෙදෙනාගේම බලාපොරොත්තුව වීම සිතට ගෙනෙන්නේ මහත් සහනයකි. කලාතුරකින් හමුවන ආකාරයේ අපූරු හැදෑරුම් සහකාරියකව ඇගෙන් ලැබෙන මෙම සහය වඩ වඩාත් මා දිරි ගන්වන සුලුය.
අප නගරයේ කෙලවර වන සුපුරුදු කඳු මුදුනතට බලා පොරොත්තුවූ ගමන කල්දමන්නට තීර්නය කලෙමු. “මම හිතන්නේ කෙලින්ම අපගේ අවන්හල වෙතට ගොස් රාත්‍රී ආහාරය ගෙන ටිකක් ඉක්මනින් අදට සමු ගැනීම වඩාත් හොඳ වෙවි නොවේද?” මම යෝජනා කලෙමි. හැකිනම් දවස ඉක්මනින් පටන්ගේ සැදෑවේ ඉතිරිකර ගන්නා කාලය අපගේ හැදෑරීම සදහා යෙදවීම වඩාත් වාර්ථක උත්සාහයක් වේවි. මමත බලා පොරොත්තු වෙනවා හැදෑරුම් ආයතනයක් සමග එකගතාවයකට එන්න Oන්ලිනෙ ආකාරයටෞදෑ වරුවේ සහය දේශන මාලාවක් සැලසුම් කරගන්නට. අවශ්‍ය සැහැල්ලුව මෙන්ම සම්පත් සදහා වැය ඒකාරයට උපයාගැනීම වඩාත් කාලෝචිත පියවරක් වේවි. මගේ මෙන්ම අපේ සැලසුම වෙතට ඇය එකගවිය. දැනටමත් ඇය අදාල විෂයන් පිලිබදව හසල දැනු මැත්තන් කිහිප පලකටම අපගේ වැයම පැහැදිලි කර අවශ්‍ය විටකදී සහය ලබා ගන්නට පොරොන්දු පලකරවා ගෙන තිබිනි.
– Pubudu Siriwansa

තිස් නමවන කොටස

“අප”නගරයේ ප්‍රාදේශීය ගුවන්තොට සිට නගරය වෙතට දුර ගෙවා දමන්නට පොඳු ගමන් සේවාවක් තොරා ගන්නට සිත්විය. ඇය වෙතට දන්වමින් එහි ගෙන්වා ගැනුමට වඩා එය වඩාත් සුදුසු වේයැයි සිත්විය. තම වෘතියට මහත් සේ ප්‍රියකල ඇගේ කාලය සමගද මනා කලමනාකරනයකින් හැසිරීමට වඩාත් කල්පනාකරී වියයුතු බව මා තීර්නය කර තිබිනි. පෙර වාරයේදී මා හැදෑරුම් ආයතනයේ දේශනවලට වූ බැදීම සමග ඇගේ කාලය ලබා ගැනීමට කිසියම් විනයක් පැමිනිය මුත් මේවර මා පූර්ණකාලීනව නිදහස් බැවින්ම වඩා කල්පනකා කාරී වියයුතු බව තීර්නය කර තිබිනි. නගරයට වන දුර අතර බොහෝ දුර ප්‍රමානයක් ගෙවී යන්නේ විශාල වගා බිම් අතරින් වීම මහත් සැහැල්ලුවකි. “ඔබ සාදරයෙන් පිලිගනිමි.” මොබයිලය වෙතට පැමිනි කෙටි පනිවිඬ මා සිත තුල විමතියක් අවදිකරවන්නට සමත්විය. සමහර විටක ඇය අනුමාන කලා විය යුතුය. කෙටි විරාමයකට පසුව් ඇය නැවත එම පනිවිඬයම යොමුකර තිබුනේ තවත් අදහසක් එක් කරමිනි. “එය හුඳු අනුමානයක් පමනක්ම නොවේ. ඔබ නගරය වෙතට ආසන්න වෙමින් ඇති බවට මා සිතට බලවත් විස්වාසයක් පැමිනි නිසා මෙය සටහන් කලෙමි. මම නිවැරදිද?” තවදුරටත් ඇය නොසංසුන් බවට පත්කිරීම සාධාරන නොවන බවට මම තීර්නය කලෙමි. “ඔබ නිවැරදියි. මම -අප- වෙතට පැමිනෙමින් සිටින්නෙමි. කරුනාකර උරණ නොවන්න. ඔබගේ කාලය අපතේ හැරීම නොකල යුත්තකි බව මගේ අදහස වූ බැවින් නොදන්වාම පැමිනුනෙමි. ඉදිරි පැය කිහිපය තුල මට නගරයට පැමිනෙන්නට හැකි වනු ඇත. තාවකාලික නවා තැනක් වෙන්කරවා ගෙන සෑදෑවේම සුපුරුදු අවන්හලේදීම රාත්‍රී ආහාරය සදහා හෝ ඔබට විවේකනම් පමනක් ඊට පෙර නගරයේ උද්‍යානයේ කෙරවල වන සුපුරුදු අප අසුනේදීම ඔබව හමු වන්නට කැමැත්තෙමි. ඔබගේ සැලසුම මට දන්වන්න.” තරමක් දිග සටහනක් ඔස්සේ පිලිතුරු සපයන්නට මම කටයුතු කලෙමි. “ඉදිරි දෙපැය තුල මා ඔබට සැදෑව පිලිබදව සැලසුම දන්වන්නම්. ඔබව සතුටින් පිලිගනිමි.” ඇයගේ පිලිතුර මහත් සැහැල්ලු සහනශීලි බවක් වෙතැයි මට හැගිනි. එක් ඇථයකින් ජීවිතයේ හමුවූ අපූරුතම මිතුරියක් නැවත හමුවෙමින් තිබේ. තවත් අර්ථයකින් මේ ජීවිත සංචාරයේදී බුද්ධි ලොවට මට කල හැකි අපූරුතම සත්කාරයට පිවිසෙමින් සිටින්නෙමි.
නගරයට මදක් වන්නට යාබදව පිහිටි තාවකාලික නවාතැන්පලක් වෙන් කර ගන්නට නගරයේ පිහිටි තොරතුරු කාර්යාලයේ සහයෝගය නිසා වඩත් පහසු විය.මීට ඉහත වාරයේදී සේවය කල හැදෑරුම් ආයතනයට ආසන්නව පිහිටි එම ස්ථානය වඩාත් හුරු පුරුදු බවක් ගෙන ඒම වඩාත් සහනශීලී බවක් දනවන්නන්ක් විය. කෙටි විවේකයකින් අනතුරුව නගරය වෙතට යන්නට සූදානම් වීමි. පෙර සැදෑකාලය නිසාමදෝ උද්‍යානයේ වැඩි කලබල බවක් දක්නට නොවිනි. උද්‍යානයේ වූ සුපුරුදු සැකසුම එලෙසම නිසාදෝ මහත් සුපුරුදු බවක් ගෙනෙන සුලු විය. අප කවදත් ප්‍රියකල උද්‍යනයේ කෙරවලටට වන්නට පසකින් ගලායන ගංගා ඉවුරට වන්නට පිහිටි අසුන නිදහස්ව පැමිනීම බලාපොරොත්තුවෙන් සිටින්නාක් සේ දැනිනි.
“ඒ කියන්නේ අපි නැවත හමුවේලා..” පරිසරය සමග දැහැන්ගත වූවාක් මෙන් සිටි මා හට ඇයගේ පැමිනීම නොහැගිනි. අසුනෙන් නැගි සිටි මම ඇයට අසුන් ගන්නට ආරාධනා කලෙමි. මහත් ලෙන්ගතු ආචාරකිරීමකින් අනතුරුව ඇය ආ ගිය තොරතුරු බොහෝ දෑ අසන්නට පටන් ගත්තාය. අතොරක් නැතිව ගලා යන දෙබස් අතර මා ‍රැගෙන විත් තිබූ පොත් පත් කිහිපයක් හා ඡ්ඪ් කිහිපය ඇය වෙතට පිරිනැමු වෙමි. ඇය මහත් සතුටින් පිරී ඇත්තා සේය. මෙතෙක් හමුව තිබූ බොහෝ බටහිර තරුනියන්ට වඩා ඇය වඩාත් සංවේධී බවක් ඇත්තියක් වීම මා වඩාත් සිත්ගත් කාරනාවක්ව තිබිනි. ඇය මෑතදී අවසන් කල හැදෑරූම් වැඩසටහනේදී ලත්, අප පෙර සිටි සමහර ස්ථාවරයන් වෙනස්කරවන නව දැනුම් තොරතුරු පැහැදිලි කරන්නට ඇයට මහත් සේ අවශ්‍යව තිබිනි. අප අවසන් නොකල සටහන් පෙල වෙතට ඇය ගෙන විත් තිබූ නව වෙනස්කම් පැහැදිලි කරන්නට අවශ්‍යව තිබිනි.ආශ්‍රමය හා ඔබ්බෙන් පිහිටි ගම්මානය, ඔවුන්ගේ ජීවන තොරතුරු පිලිබදව පැහැදිලි කරගන්නට මහත් උනන්දුවකින් ඇය උත්සාහ කරන්නට විය. ඇයගේ දැඩි උනන්දුව අතරමදී තාවකාලිකව නතරවූ සටහන් පෙල වඩාත් අපූර්ව ලෙසට ඉදිරියට ගෙන යන්නට මාතුලවූ උනන්දුව වඩ වඩාත් අවදිකරවන්නන් සේ දැනිනි.
– Siriwansa

තිස් අටවන කොටස

ලොව යනු බැදීම් ගොඩකි. බෑදීමක් යනුම සමුගැනීම නම් න්‍යෂ්ටිය වඩා ගොඩ නැගෙන යමකි. ආශ්‍රමය, ලොකුසේවාමීන් වහස්සේ, ටිබෙටියානු මිතුරා, ගබඩා භාරකරු වැනි සිත ප්‍රියකරන පරිසරයෙන් නැවත සමුගන්නට සිදුව ඇත. හිරු අවදියත් සමග මගට වන් නිසා හිරු කෙඳි දැඩිවන්නට පෙර ගම්මාන කදු වැටිය පසුකරන්නට හැකිවිය. සමහර විටක මේ අපූරු පරිසරය කෙදිනක වත් යලි හමු නොවනු ඇත. එහෙත් යලි හමුවන්නටනම් සමුගන්නටම වනු ඇත. ආසන්නයේම එලබෙමින් ඇති ගිම්හානයේ සුපුරුදු නගරයේදීම හමුවන්නට නගරයට ගිය විගස ගිවිසාගන්නට සැලසුම් කලෙමි.
ඇය Eමෛල් පනිවිඬයක් ඔස්සේ පෙරමග බලා සිටින බවට දන්වා තිබිනි. එලබෙන දෙවන සතියේ එම නගරය වෙතට යන්නට අවශ්‍ය ගුවන් පත් පහසුවෙන්ම වෙන්කරවා ගන්නට හැකිවීම සිත තුල මහත් ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කලේය. මෙම නගරයේදීම එලබෙන පලමු සතිය ගතකරන්නට සුදුසු නිහඬ පරිසරයක වන නවාතැනක් එම සතිය සදහා වෙන් කර ගත්තේ දල සටහන් තබන්නට වඩාත් කාලය නොගත යුතු යැයි සිත බලකරන්නට වූ බැවිනි. පසකින් ගංගාවත් අන්දෙසින් විශාල වගා බිම් සහිත නගරයට මද දුරක් ඔබ්බෙන් වූ තාවකාලික නවාතැන සිත සංසුන්ව මුල් සටහනට අවශ්‍ය පරිසරය නිතැතින්ම ගෙනවිත් තිබිනි.
“මෙම සටහනෙහි අවසානය මමද නොදනිමි. මෙහි තැගෙන වදනින් වදන මමද ඔබ සමග මෙහි කියවෙන ගම් වැසියන්ගේ අර්ථය සොයා යන්නට උත්සාහ කරමින් සිටින්නෙමි. විටක මාගේ අවිනිශ්චිත භාවය ගැන නොසතුටට පත්වනු ඇත. එහෙත් සත්‍යය එයය. විටක එය අද අප හොඳින් විඳිමින් සිටින තාක්ශනය විද්‍යාව ඇසුරින් පැහැදිලි කරගන්නට හැකි වනු ඇත. තවත් විටක දේශපාලනය, දර්ශනයන් වැනි විෂයන් ඔස්සේ ඒ දෙස බලන්නට අවශ්‍ය වනු ඇත. සමහර විටක අද ඔබ මා විඳිමින් සිටින මේ සමස්ථ පතයෙන් ඔබ්බට චලනය වන්නට අවශ්‍ය වනු ඇහි බවට මා අනුමාන කරන්නේ දැනට අපසතු දැනුමින් මේ සමහර දෑ තේරුම් ගන්නටව් අපට හැකි වෙතයි මා අවිස්වාස කරන බැවිනි.” නගරයේදී ඇය හමුවූ විගස ඇය අත තබන්නට නියමිත මුල් සටහන එලෙස ආරම්භ කලෙමි. “අප සිතනා තරම් ප්‍රබලයන් වන්නට අඩුතරමින් මේ මිහිකතට වත් සාපේක්ශව අපට නොහැකිව තිබේ. මෙහි වන සමහර බලයන් හමුවේ පවා අප තවමත් අති දුබලයන් මෙන් අසරනව යයි. ඒ සදහා අද අප විඳිමින් සිටින ධනය හා බලය මත ‍රැදෙන මිනිස් සංස්කෘතියෙන් ඉදිරියට තල්ලු වන්නට අවශ්‍ය වනු ඇත.”
සංසුන් පරිසරය හොඳින් මානසික ඒකග්‍රතාවය ‍රැගෙන විත් තිබිනි. පලමු දින හතර නොකඩවා සටහන්කරනය සදහා පුර්නකාලීනව යෙදෙන්නට හැකිවිය. පි‍ටු හතලිහක් පමනවූ ආරම්භක සටහන මනාව නිමකරගන්නට හැකිවිය. එය මහත් ජනාකීර්න නගරයන් නොවුනද අංග සම්පූර්න එකක් විය. පුස්ථකාලය, නාට්‍ය ශාලාව මෙන්ම සිනමා ශාලාව වැඩි අර්ථයක් සහිතව ඉතිරි කාලය ගෙවා ගන්නට සහයට ඉදිරිපත් විය. එම සතිය පුරාවට අපූර්ව නාට්‍යකරුවෙකුගේ වේදිකා ගෙත්තමක් රග දැක්වෙමින් තිබිනි. ස්විඩන් තරුන නාට්‍ය කරුවෙකු වූ ඔහු දේශපාලනය නම් ක්‍රියාවලිය හා මිනිසා නම් ක්‍රියාවලිය විටක ගැටෙමින් විටක ඇලෙමින් ගලායන ආකාරය එහිදී අපූරුවට විග්‍රහ කරන්නට අවශ්‍ය තිබිනි.පෞද්ගලිකව මිනිසාගේ ස්වභාවය මෙන්ම ඔවුන් එක්වූ විට නිර්මානයකර ගන්නට සිදුවන දේශපාලනයේ ස්වභාවය හොඳින් වේදිකාවේ ගලායන සිදුවීම් පෙලක් මත විග්‍රහකරන්නට සමත්ව තිබිනි. “මේක දිග සිහිනයක්. අවදි වුව හොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත.” ඔහුගේ වේදීකා අත්දැකීමේ තේමාව කිහිපවිටක්ම එහි වන සියලු ම පාහේ චරිත ඔස්සේ කියවා ලන්නට අවශ්‍යව තිබිනි. අත්දැකීම වඩාත් ගැබුරු දාර්ශනික අර්ථයෙන් මෙන්ම සමකාලීන ප්‍රායෝගික අර්ථයෙන්ද පිලිබිගු කරන්නට සමත්ව තිබිනි.
දැල්වෙන බලාපොරොත්තු ජීවිතය මෙහෙයවයි. බලාපොරොත්තු නොපැමිනීම තරම් අවාසනාවක් තවත් ජීවිතය තුල නැත. කාලය කෙසේ ගෙවී ගියද ආපසු ඇය වෙසෙන නගරය වෙතට යන්නට වන බලපොරොත්තුව වඩාත් වර්ණවත්ව දැල්වෙමින් තිබිනි. පෙරකී නාට්‍ය කරුවාගේ පොත්කිහිපයක් හා ඡ්ඪ් තැටි කිහිපයක් සමග ඇය ප්‍රියකරන ජීව විද්‍යාව පිලිබදව නවතම මතවාද ගෙනෙන පොත්පත් කිහිපයක් ඇය වෙනු වෙන් මිලදී ගතිමි. “ඔබේ දැල්වෙන විමසිලිමත් මනැසට මම මහත්සේ ප්‍රිය කරමි” එම පොත් කිහිපයක පලමු පි‍ටුවෙහි සමරු සටහනක් තබන්නට කටයුතු කලෙමි. නගරයේ ගතවන පස්වන දින සැදෑවේ එහි වන ප්‍රාදේශීය ගුවන් තොටෙන් ප්‍රධාන ගුවන් තො‍ටුපොල වෙතටත් විවේකී හෝරාවන් කිහිපයකින් අනතුරුව දැනටමත් එලබෙමින් ඇති ගිම්හානය සමග ප්‍රබෝධමත් නගරය වෙතටටත් පිටත් වීමි.
– Tharu Minisa
– Siriwansa

තිස් හත්වන කොටස

පැහැදිලි සැදෑව ලෝකය මත කෙටි සක්මනකට කැදවන සුහඳ ඇරයුමක් බඳුය. ටිබෙටියානු මිතුරා දහවල අහරින් පසුව මද විවේකයක් ගන්නවා විය යුතුය. සැඩ නොවන හිරු මඩල කඳු මුදුනතට පැමිනෙන්න යැයි නැවත පවසයි. ගසකින් ගිලිහී වැටෙන පත්‍රයක් වුවත් විවෘත වන්නට සූදානම් මනසකට මහත් නිමිත්තකි. “ලෝකයේ බහුලව වෙසෙන්නන් වර්ග දෙකකට බ්ර්ඳිය හැක” මේ ටිබෙටියානු මිතුරාගේ අදහස් ය. “ඉන් එක කොටසක් ජීවිතය ගැන මුලික අරගලයේ සිටී. හැබැයි මේ කොටස වටා සිටිනා තවත් කොටසක් කයින් මේ මූලික අරගලයෙන් මිදී සිටියද මනසින් ඔවුන් හා සමවන්නෝමය. පැහැදිලි අනෙක් කොටස නම් විමසිලිමත් ජීවිතය නිද්‍රාවට පත්වූ අඩව පියන් දෙනෙතින් ලොව දේ බලා සිටින්නෝය. ඔවුන් කති බොති, නිදියති හැරෙන්නට ජීවිතය සමග වෙනත් ගනු දෙනුවක් නැත්තෝ පරිදිය” ඔහු ලොකය අර්ථ දක්වන්නට මහත් රුසියෙකි. “තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිඔනීමයි” සමහර විටක එම මතය පිලිගන්නට තව කාලයක් යන්නට පුලුවන වේගයෙන් දියුනු වන පරිගණකය වැනි උපකරන්ම අසුරු සැනින් දැනුම භාවිතාකරන්නා කරා ගෙන එන්නට නිරන්තරයෙන් සූදානම් වෙමින් සිටී. දියුනු වන AI වැනි තාක්ශනයන් ඒවා වඩාත් නම්‍යව හා ස්ථානොචිතව පහසුවෙන් ගෙනෙන්නේ කෙසේ දැයි නිරන්තරයෙන් විමසමින් සිටී. මේ පසුබිමව සැලකීමේදී වසර සිය ගනනකමිනිස් වර්ගයාගේ ආධිපත්‍ය අවකාශයක් වේගයෙන් අස්ථාවර වෙමින් තිබේ. පැමිනෙන ලෝකයේදී බරපතලව පියවර තබන ආඩම්බරකාර වියතුන් අසරනව යන්නේ ඔවුන් මහත් ආඩම්බරයෙන් මතකයේ ටදවා ගෙන සිටින බොහෝ තොරතුරු ලබාගැනීම යාන්ත්‍රිකව වන්නට නියමිත බැවිනි. මේ ගම්වැසියන්ගෙන්ද හෙලිවන ප්‍රධාන කාරනාවක් වන්නේද එයයමය. ඔවුන් සතුව පරම්, පරාවෙන් එන මහා බ‍රැති පොත් පත් සමුදායක් නැතිය.නමුත් දියුනු ලොවට පවා අභියෝගකල හැකි අවබෝධයකින් ඔවුන් ජීවත්වේ. තම පරිසරය සමග ගනු දෙනු කෙරේ.
සිත් අවකාශයේ ඔබ මොබ සක්මන සමග කඳු මුදුනත සක්මනද බොහෝ දුරට විහිදී ඇත. අඳුරට පෙර ආශ්‍රමය වෙතට පැමිනෙන්නටනම් පා ඉක්මන්කල යුතුවා සේ හැගෙන දුරක් පැමින ඇත. හොඳින් වන ආලෝකය ඇති මුත් සිසිලැති පරිසරය ගෙනෙන්නේ මහත් ප්‍රබෝධාත්මක බවකි. නගරයට ඔබ්බෙන් වන කඳු මුදුනතේ අප එක්ව ගලා ගිය කාලය නැවත පන ගන්වන්නට හොඳින්ම කාලය පැමින ඇතුවා සේය. සතියක කාලයක් නිදහස් ලැගුම් හලක ගත කල විට ‍රැස්ව ඇති තොරතුරු යලි පිලිවලක් ඇතිව සකසා ගන්නට හැකි වනු ඇත. “මිනිසුන් විෂයන් වලට හිරවෙලා හරිම සීමිත වෙලා කියලා මම හිතනවා” වරක් අප කඳු මුදුනතට වී කල දෙබස් සක්මනක් අතරතුර මම යොජනා කලෙමි. බොහෝ හෑදෑරීම් අසම්පූර්න වන්නට මේ බව හොඳටම බල පානවා. සීමිත මනස ගෙනෙන්නේ සීමිත දැනුමක්. මම ඇයට යෝජනා කලෙමි. “අර ආශ්‍රම භූමිය ලග මිනිසුන් අසරනද අපට වඩා ශක්තිමත්ද කියලා තීරනය කරන්න තරම් අපි නොදියුනුයි කියලා මම හිතනවා. එක අතකින් මේක හසුවීමක්, නැතිනම් අපිවම සීමා කර ගැනීමක්. හැබැයි මේ සිමා බිඳලන එක හරිම අභියෝගාත්මකයි. අනිත් පැත්තෙන් තීරනාත්මකයි”. ඇය බොහෝ වෙලාවක් වුවද නිහඬවම සවන් දෙන්නට සමතියකි. විටක හෝරාවක් දෙකක් පවා. සමහර අවස්ථාවලදී ඇයගේ සවන්දීම ව්‍යාජයක්ද දැන ගැනීම සදහා බොහෝ පෙරදී මා කියන ලද කරුනක් ඔස්සේ යලි විමසුමක් කරන විට ඇය මනාව ඒ පිලිබදව කථා කරන්නට තරම් අවධානයක් දී ඇති බව තහවුරු කරවයි. “සමහර විටක අද අප මේ පසුකරමින් සිටින අධ්‍යාපන ක්‍රමය ඉදිරි දශක කිහිපයතුල වෙගයෙන් මෙන්ම සම්පූර්නයෙන්ම වෙනස් වේවි කියලා මම හිතනවා. මිනිසුන්ට මතක තබා ගැනීමේ සිට මතකයන් අතර ක්‍රියාත්මක වීමේ නව අවකාශයක භාවිතාවක් පැමිනේවි කියලයි මට දැන්නේ. තොරතුරු තාක්ශන ඒකට අවශ්‍ය පරිසරය වේගයෙන් දැනටමත් නිමවමින් තිබෙනවා කියලා මට දැනෙනවා.” ඇය සියල්ලම පාහේ හොඳින් මතක තබා ගන්නට කටයුතු කරයි. පසුව සටහන් බවට පත්කරන්නට වගබලා ගනී, අවශ්‍ය විටකදී පහසුවෙන් ඒවා නැවත ගෙනෙන්නට සහය වෙයි. කොටින්ම ඇය අපූරු හෑදෑරුම් සහකාරියකි.

ඔරලෝසු හෝරා එකහමාරක් මානසික මිනිත්තු 45කට ගුලි කිරීම. (අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට)

…. මම ටීටාව ඔස්සේ අප අධ්‍යාපන ආයතනයේ පුස්ථකාලයට ගොඩ වූවා. එහි චලන පට අංශයේ ඔබ මොබ ඇවිදිමින් අප වෙත නිර්දේශිත චලන පටයක් සොයන්නට උනා. “ලිමිට්ලස්” සවිස්තර කර තිබුනේ දශක ගනනාවකට පෙර තිරගතවුනු සාමාන්‍ය ප්‍රබන්ධයකට වඩා යමක් නොවන බවට පිලි ගැනූනු නිර්මානයක් ලෙසටයි. මිනිස් මනස යනු සැබවින්ම මිනිසා විසින් පරිහරනය කරමින් සිටින ඉතා සීමිත අවකාශය මෙන් සිය දහස් ගුනයක විශාල දත්ත ගබඩාවක් බවත් යමෙක් යම් ක්‍රමයකින් සාමාන්‍ය අවදානයට ඔබ්බෙන් සැගවී ඇති මෙම ප්‍රදේශයට පිවිසීමට යතුරක් සොයා ගතහොත් පෘතුවිය මත මිනිස් වර්ගයාගේ ගමන් මග සම්පූර්නයෙන් වෙනස් වනු ඇති බවට නෙක චින්තකයන් විසින් දශක ගනනාවක් තිස්සේ විවිද ස්වරූපයන්ගෙන් කර තිබූ සටහන් ඔස්සේ යමින් කල නිර්මානයක් ලෙසට වැඩිදුරටත් සටහන්ව තිබුනා.
ධාවන කාලය සටන්ව තිබුනේ හෝරා එකහමාරක් ලෙසටයි. නිවසකරා ලගා වීමට ඇති ඉතිරි කාලය ලෙස සටහන්ව තිබුනේ හෝරාවක් පමනයි. ටීටාවේ දැක්වෙමින් තිබූ විකල්ප බටනය ඔස්සේ පිවිසුන විට යෝජනා කර තිබුනේ අධිත්වරන තත්වය ඔස්සේ මෙම සිනමා පටය විනාඩි 45ක කාලයකදී නැරබිය හැකි බවටයි.ඔරලෝසු හෝරා එකහමාරක් මානසික විනාඩි 45ක් තුල හැකිලීතිබීම අතීත මනසකට නම් අරුම පුදුම කාරනයක් වනු ඇත. ඇත්තෙන්ම ඒසදහා කල යුතුව තිබුනේ විනාඩි පහක පමන සංගීතය මුසුකරන ලද මානසික තරංගයකට සවන්දීම පමනයි.ආරක්ශිත පරිසරයකදී බවට සහතිකකර ගැනීම භාවිතාකරන්නාට පැවරෙන මෙම අත්දැකීම බහුලව යොදා ගැනෙන්නක් උනා. ….
…පලමු දිනය කෙමෙන් අවසන් වෙමින් තිබුනා. එකිනෙකා හදුනා ගැනීම් තොරතුරු හුවමාරු කරගැනීම් මැද ඉතිරි කාලය ගතව යමින් තිබුනා.ආයතනය මගින් ආපසු අප වෙසෙන පලාත්වලට සපයන ප්‍රවාහන පහසුකම් ලබ ගැනීමට කැමතිනම් ඒසදහා කාලවේලාවන් පිලිබද නිවේදනයන් එකි නෙකා වෙත අදාල පරිදි ටීටාව තුලින් දැනුම් දෙමින් සිටියා.වරක් පියාත් සමග ඔහුගේ පියා බැහැදකින්නට ගියවිටකදී සියා විසින් ලබා දුන් ඇල්බමයක තිබී මහත් උජාරුවෙන් කථා කල ඔවුනගේ පවුලේ වාහන පිලිබද පින්තූර පෙල වෙත මගේ මගේ මතකය දිවගියා. තම පවුලේ ආඩම්බරය මිල අධික වාහනයකට කැටිකර පෙන්වන්නට එකල මිනිසුන් පුරුදුව සිටිබව සියාගේ හැසිරීමෙන් පැහැදිලිව පෙන් එන්නට තිබුනා.මෑතකදී පවුලේ සංවාදයකදී පියා පවසා සිටියේ එපමනක් නොව අධ්‍යාපනය පවා බොහෝ රටවල භාවිතාවූවේ තමන්ගේ ආර්ථික සායම්මාජ තත්ව ආදීවූ සීමා ඉක්මවා යාමට විනා පෝෂනය වන කරුනෙන් කරුනට උත්තේජනය වන මනසේ සෛල ක්‍රියා වලියෙන් තෘප්තිමත් වන්නට හා වඩාත් නිර්මානශීලී වෙමින් එම කරුනු නව රටාවකට පෙලගැස්සීමේදී දැනෙන සතුට විඳගන්නට මිනිසුන් පුරුදුව නොසිටි බවයි.

siriwansa

තිස් හය වන කොටස

එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි” ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය.
මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය “පෞද්ගලික හා පොදු” අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි. එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොර‍ටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව තුල මෙතෙක් නොදු‍ටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ.
“අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි” ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. “කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා..” ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ සිත්ගත් ප්‍රමානය කොපමනදැයි කිව හොත් පැමින කෙටි කලකින්ම තම් සේවාස්ථානයෙන් සමුගෙන මෙහි පැමින තිබිනි. මා ආගන්තුකව පලමුවෙන්ම මෙහි පැමිනි දිනයේදීම ඔහු සතුවූ අපූරු ගතිගුන සිත්ගත්තාය. සාමාන්‍ය මිනිස් පරිසරයකදී ආගන්තුකයෙකුට ලැබෙන සැක සහිත පිලිගැනීම මෙහි නොවිනි. විවෘතබව හා සුහඳ බව එහි විය. මේ අපූර්ව ගම්වාසීන්ගේ සිත්ගන්නා තොරතුරු පලමුවෙන්ම මම දැන ගත්තේ මොහුගෙන්ය. “ඔබ මේ ගමන්ම අශ්‍රමය මුදුනතට යනවාද , නැතිනම් දහවල් ආහාරයෙන් පසුව යනවාද? බොහෝ විට ඔබගේ මිත්‍රයා පහලට ඒවි.” පැමිනෙන්නන්ගේ සුව පහසුව ඔහුගේ රාජකාරියක්ම ලෙසට වඩා යමක් ලෙසට හැගෙනවා වැනිය. සූහඳ බව මුල් ස්වභාවයෙන්ම ඔහු සතුව තිබෙනවාක් වැනිය. සමහර විටක විශ්වවිද්‍යාල පරිසරයෙන් එය උරුම වන්නට ඇත නැතිනම් ඔහු ‍රැස්කරගෙන තිබූ අපමනක් කියවීම් ඔස්සේ මේ අපූරු විනය පැමින තිබෙනවා විය හැක. “ඔබට මොකද හිතෙන්නේ මේ ගම් වාසීන් ගැන?” මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය. “මට හිතෙනවා මිනිස් කථාන්දරයේ අපට මග හැරුනු සමහර දෑ ඔවුන් සතුව තිබනවා කියලා..” මම පැහැදිලි කරන්නට විනිමි. “මිනිසුන් ලෙසට ඔවුන් තම පරිසරයත් සමග ඇති ගනු දෙනුව හරිම සරලයි. හරිම සියුම්. අපි වාගේ නොවෙයි. ඔවුන්ගේ ජීවිත කතාන්දරය පරිසරය මත ලියවෙන්නේ වඩාත් සංවේධී විදිහට. සරල උදාහරනයක් ගත හොත් ඔවුන් ඉදහිටක හෝ පැමිනෙන විශාල ජල කඳකට තම වගා බිම් වලට හානියක් වනට ඉඩ නොතැබෙන්නේ එයට එරෙහිව නොව එහි වන බලය තේරුම් ගෙන එය හා එකග වීමෙනියි” ඔහු සිහින් සිනාවකින් මා දෙස බලන්නේ මහත් තෘප්තියකින් වනිය. සමහර විට පලමු දිනයේදීම තමන් අතින් දැල්වූ කුතුහලයේ කුඩා පහන්සිල මෙතරම් වර්ධනය තිබීම ගැන සතු‍ටු වනවා විය යුතුය.

තිස්පස් වන කොටස

ඔවුනගේ ආගන්තුක කුටි සුව පහසුද නැතිද යන්න සමහර විටක ඔබට විමසන්නට හැක. එවිට මට ඔබගෙන් අසන්නට වන්නේ ඔබගේ ජීවිත රටාවට සාපේක්ශවද? යන්නය. අලංකර දැව දඩු මතට කිසියම් ස්වභාවික ආලේපනයක් යොදා නිමකර ගෙන ඒ මතට ඇතිරෙන ස්වාභාවික පත්වර්ගයක් ආවරනය වන පරිදි ඔවුන් විසින්ම ස්වභාවික දෑ ඔස්සේ නිම කරගන්නා රෙදි විශේෂයක් එලා සකසා ඇත. අලංකාර දැව දඩු වලින් නිම වන මේසය මත වන වතුර භාජනය සියල්ල ස්වභාවික දෑ වලින් නිමවා ඇතුවා සේම ඒවා ඉතා ප්‍රාථමික පෙනුමැති රලු ඒවා නොවෙයි. සමහර විටක ඔවුන් ඔවුන් කාර්යක්ශමතාවය, පහසුව සොය ගොස් ඇත්තේ තම ස්වාභාවිත්කත්වය ‍රැකෙන පරිදිවීම පලමු රීතිය වන්නට ඇත. බිම පවා ස්වභාවික මැටියෙන් නිමවා ඒ මතට යම් ආලේපනයක් යොදා ඇත්තේ අති නවීන ගෙබිමක දක්නට ලැබෙන පිරිසිදු බව පැහැදිලි බව ‍රැකෙන පරිදිය. බිත්ති නිමවෙන්නේ ද ඒ අයුරුන්මය. අපූරත්වය වන්නේ පෙර කී ආලේපනයට පෙර ඒවායේ තැනින් තැන වියලා සකස් කර ගත් අපූරු හැඩැති පත්‍ර ඔබ්බවා තිබීමය. විටක ඒවායේම වන විසිතුරු බව පෙනෙන සේ නිමවා ඇති අතර තවත් විටක ඒවායින් වෙනත් අලංකාර හැඩතල නිමවන්නට ඔවුන් කටයුතු කර ඇත. අනෙකාගේ ජීවිත වලට එබී බැලීම නැතිනම් අනෙකාගේ දෑ සොරකම් කරන්නට උත්සාහ කිරීම වැනි ක්‍රියාකාරකම් ඔවුනට සිනාවට කාරනයකි. සමහර විටක ඔවුන්ගේ සංස්කෘතික ගොඩ නැගීමේදී එවන් මානසිකත්වයන් ගොඩ නැගෙන අඬුලුහුඬුකම් මග හැරී ඇතුවා විය හැක. “සමහර විටක අපි අපේ සංස්කෘතික ගමන් මග එක් තීරනත්මක ලක්ෂයකදී අපේ ජීවවිද්‍යාත්මක අවකාශයෙන් ටිකක් අන්තවාදී විදිහට බාහිර පරිසරය පැත්තට සීමාන්තික විදිහට යොමු කලා වන්නට පුලුවන්. ඒ ඔස්සේ අපි ක්ශනික වාසීන් ගැන සතු‍ටු වූවා මිසක අපගෙන් ඒ නිසාම අපගෙන් අහිමිවෙන වඩා වටිනා ජීවවිද්‍යාත්මක වටිනා කම් බොහොමයක් නොසලකා හැරියා වන්නට පුලුවන්” ඒ මොවුන් ගේ ජීවන රටා පිලිබදව ටිබෙටියානු මිතුරාගේ අදහසකි.(73)

උදා හිරු මඩල දවස අරබන විට ආශ්‍රමයේ ප්‍රධාන දොර‍ටුව දකින මානයට පැමිනෙන්නට හැකිවිය. “ඔබ ඔවුන්ගේ දවසේ වර්ණවත්ම හොරා කිහිපයේදී කබන සැබෑ ගරුත්වයට හිමිකරුවෙක් වන්නේ ආගන්තුකයෙකු ලෙසට නොව ඔවුනගේ පවුලේ අයෙකු ලෙසට සම සමව රාත්‍රී ගිනි මැලය වටා අසුන් ගන්නට අවස්ථාවක් ලැබීමෙනි” ටිබෙටියානු මිතුරාගේ උපදෙස සත්‍යය. ගෘහපතියාගේ අසුනට ඔබ්බෙන් අසුන් ගනිමින් ඔවුනගේ අත් වැල සමග එක්ව ශාන්තිමත් හෝරාව හෝ දෙක අත්විඳින්නට ලැබීම අපූර්වය. අපගේ සංස්කෘතියේ වන අනෙකාට එරෙහිව කර ගනි ලබන ධන බල ‍රැස්කිරීමේ අර්ථය වෙනුවට අපගෙ සංස්කෘතීන්ගෙන් ගිලිහී ගොස් ඇති අපුර්ව ශාන්තිමත් අත්පත් කර ගැනීම් හැකියාවල් අත්විඳින්නට අවස්ථාවක් ලදිමි. “සමහර විටක ඔවුන් ප්‍රාතමික යැයි ඔබ සිතනවා විය හැකියි. අප රාත්‍රී ගිනි මැලය වෙනත් කාර්යක්ශම ආකාරයකට හිමිකරගෙන සිටිනවා විනා ඉන් ඉදිරියට චලනය වී නැති බව එහිදී අත්විඳින්නට හැකි වනු ඇත. සමහර විටක දියුනු යැයි අප විස්වාස කරන්නේ අපගේ ප්‍රාථමික වටිනා කම් නැවත නැවත වෙනස් පැහැයන්ගෙන් අත්විඳීමට වඩා යමක් නොවන බව වටහා ගැනීම ඔවුන් ගැන වන ඔබගේ හැදෑරීමේ එක් ඉහල අත්පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා නිවැරදිය. ඔවුනගේ එම පූජනීය දෙපැය මගේ මනස වඩාත් තියුනු කර පැහැදිලි කර දෙන්නට සමත්ව ඇති බවක් හැගෙමින් ඇත. “ජීවිතයට මුල් ස්වභාවයෙන් අර්ථ නැත. ඒවා අප වඩාත් පරිස්සමින් අත්පත්කරගත යුතුවා ඇත” ප්‍රකට නාට්‍ය දෙබසක් මනසට පැමිනෙනේ නිතැතින්මය.(74)

තිස් හතරවන කොටස

ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ ” ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය වස් ගනනාවක් තිස්සේ තම වර්ගයා අමාරුවෙන් ගොඩ නගා ගත් අර්ථ විනාශ කරන්නට ඉස්සල්ලා කල්පනා කාරීවන කියලා. මම දන්නවා තියෙන ඒ අර්ථ සමහර විටක ඔබට මහත් අපහසුව ගෙනෙන කරදරකාරී ඒවා වෙන්නට පුලුවන්. ඒත් ඔබ දන්වද? ඇථ නැති ජීවිතය ඊටත් වඩා හරිම වේදනාකාරී බව?” හත‍රැස් අඩි කිහිපයකට සීමාවන නාට්‍ය වේදිකාවේ පරිකල්පන වර්ගපලය අනන්තය.
අහබුලෙස පැමිනි ගිම්හානයකදී හමුවූ ඇය යලි ජීවිතය අවධිකරවන සීනුවක් බඳුවීම විසිතුරු අත්දැකීමක් ලෙසට දැනේ. “ජීවිතය නම් අත්කම මහත් කල්පනාවෙන් අත්කම් කරන්නට ඇයට හැම විටම අවශ්‍යව ඇතුවා සේය” දිනක් උද්‍යාන හමුවීමකින් අනතුරුව රාත්‍රීයේ දින සටහනේ ඇය පිලිබදව තැබූ සටහනක් වූවා මට මතකය. ඇගේ ජීවිතය තුලවූ අපූර්ව සංහිදියාව නිරායාසයෙන් මා සිත් ගත්තාය. කෙටි ඇසුරකදී සාමාන්‍ය මිනිස් බවට මදක් ඔබ්බෙන් වූ ඒ සංහිඳියාව අප අතරට පැමිනීම සටහන් පෙලක් වෙතට පිවිසෙන්නට ඇයට ආරාධනා කරන්නට මා පෙලබවන ලදී.(70)
ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. “මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත.” පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි.
කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. “ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි.” ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.(71)
සිසිලැති සැන්දෑව කෙමෙන් අඳුරට ඉඩ දී මැකී යන්නට තනමින් සිටී. තව දුරටත් අශ්‍රමය දෙසට ගමන් කරනවාට වඩා රත්‍රිය ගම්මානයේ නිවසක ආගන්තුක කුටියක ගතකර උදෑසනම යලි මගට වන්නට කටයුතු කිරීම වඩාත් හිතකර වනවා පනක් නොව ඔවුන්ගේ සමානය හැසිරීම් පිලිබද ව තවත් එක කරුනක් හෝ ‍රැස්කර ගන්නට එය අවස්ථාවක් වනු ඇත. සාමාන්‍ය හඳුනා ගැනීමකින් අනතුරුව ඔවුන්පහසුවෙන් විවෘත වන මුත් ආක්‍රමනික බවක් දැනුනු විගස ආගන්තුකයාව නොසලකා හරී. ඔවුන් සමග ගැටලුවකට යාම නම් කිසිසේත් හිතකර නොවන්නේ අනෙකාගේ සිරුර මතට පැමිනෙන කුඩා සරල ඇගිලි තුඩු දෙකක චලනයකින් යොධයෙකු වුවත් බිම හෙලන්නට එහි වන කුඩා දරුවෙකු පවා සමත් වන බැවිනි. බොහෝ විට ප්‍රථිවාදියා පසුදා උදෑසන දක්වා සුහිසුන් වූවා සේ නිදිගන්විම ඔවුනට සරල කටයුත්තකි.
“ඔබ දන්නවාද? ඔවුනට මනස නාභිගතකරගන්නට අපට මෙන් බාහිර උත්තේජක අවශ්‍යනොවීම පුදුම සහගතයි. ඉද හිටක අයෙක් එක්තැන් කල මනස ඇසුරින් සරලව බාහිර දෑ චලනය කර පෙන්වන්නට වැනි දෑ පෙලබෙනු දැකිය හැකි වුවත් සාමාන්‍ය ඔවුන් එවැනි ක්‍රියා ලැජ්ජා සහගත කාරනා හැටියටයි සලකන්නේ. නමුත් ඔවුන් එම ශක්තිය තම දෛනික කාරනවලදී අපූරුවට යෝදා ගන්නා බව විමසිලිමත්ව බලන අයෙකුට පහසුවෙන් වටහා ගන්නට පුලුවන්.” ප්‍රකට හැදෑරීම් ආයතනයක පුස්ථකාලාධිපති වරයෙකු ලෙස වසර ගනනාවක ඔහුගේ හෑදෑරීම් අවකාශය මහත් පුලුල්ය. ටිබෙටියානු මිතුරා සතුව තිබු මහත් අත්දැකීම් ප්‍රමානයක් මා සමග බෙද හදා ගන්නට ඔහු කැමතිවීම මාහට මහත් පහසුවක් විය.(72)

  • Pubudu Siriwansa

තිස් දෙවන කොටස

සමහර විටක ටිබෙටියානු මිතුරා වැඩි කාලයක් තම පිලිතුර සදහා ගනු ලැබුවේ වඩාත් තියුනුව ගැටලුව කරා පිවිසෙන්නට අවශ්‍ය නිසාම විය හැකියි. “මම හිතනවා මේ ගම් වාසීන්ගේ ජීවිත රටාවන් හරිම සරලයි. හැබැයි සැහැල්ලුයි. මහත් හඬතලමින් හඬන මෙන්ම සතුවන අවස්ථා ඔවුන්ගේ ජීවිත වල හරිම විරලයි. දවසේ කාල සටහන හරිම සමබරයි. මුල් ස්වභාවයෙන්ම වාගේ තරගය පැමිනෙන්නේ තමන් සමගම විනා අනෙකා සමග නොවීම තුල බොහෝ දියුනු යැයි සිතා සිටිනා සමාජයන් වලදී මෙන් අපතේයන මිනිස් හැකියා ප්‍රමානය බෙහෙවින් අඩුයි. සරලව මම යෝජනා කලොත් ඔවුන්ගේ සමාජ ආකෘතියක් හැටියට මෙන්ම පුද්ගල ආකෘතියක් ලෙසටත් නිතරම සමාජ පරිසරයේ මෙන්ම ස්වභාවික පරිසරයේ දී අවම ශක්ති ප්‍රමානයකින් උපරිම ප්‍රථිපල ලබන ලෙසට සැකසී තිබීමම අපූරු කරනාවක් නොවේවිද කියලා?” ඔහුගේ විග්‍රහය හඟවන්නේ ගැටලුවේ තීව්‍රම සංධිස්ථාන වෙතට පැහැදිලීවම පිවිස ඇති බවකි. බාහිර ලෝකයේ වන දින වකවානු ක්‍රමවේදයට එකග මුත් පරිසරයේ වන සෑබෑ වෙනස් කම් සමගද මනාව නම්‍ය වන්නට සූදානම් ජීවන රටා අධි උෂ්නාධික නගර මධ්‍යයයක වන කාර්යාලයක අධිශීත වායුසමනයක තුල දැටි ශීතලාධික පරිසරයකට ඔබින ඇඳුමකින් සැරසී සිටින “මහත්මයෙකුට” විසුලුකරනවා වැනිය.
“මම හිතනවා යලිත් නගරයට ගිය පසුව මේ අපූරු අත්දැකීම ජීව සෛලයක සිට නවීන සමජීය ජීවිතරටවක් දක්වා වන විශාල වපසරියක විහිදෙන ලෙසට අපට කථාකරන්න පුලුවන් වේවි. මට පුලුවන් උනා අවසන් වරට නගරයට ගිය වේලාවේ ‍රැස්වු තොරතුරු පිලිබඳව කෙටි විස්තරයක් ඇය වෙතට Email කරන්නට. ඒක ඇයට පහසුවක් වේවි අවශ්‍ය වෙතැයි සිතිය හැකි අමතර තොරතුරු ක්‍රමයෙන් ‍රැස්කරමින් අපේ සටහන වඩාත් අර්ථවත් ලෙසට ඉක්මනින් අවසන් කරන්නට”. මම ඉදිරි සැලසුම පිලිබදව මඳ පැහැදිලි කිරීමක් මිතුරා වෙතට කලෙමි. “මම හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ..” කියමින් නැගී සිටියේ මිතුරාගේ එකගත්වය පිලිබඳව කිසිදු සැකයක් නොමැතියාක් ලෙසටය.(65)
විශ්වය මත අහඹුතා අපමනක් මැද පෘතුවියක් නිර්මානය වන අයුරු, ඒ මත අහඹුතා අපමනක් පසුකරමින් ජීවයක් නිර්මානය වන අයුරු මෙන්ම ඒ ජීවිත අතරින් අහඹුතා අපමනක් පසුකර බුද්ධියක් හිමිකර ගැනීමේ දිගු ක්‍රියාවලිය අපමන වර්ණවත් නෙක රසින් පිරි කථාන්දරයක් බදුය. ජීවියෙකු ලෙසට වන මූලික සීමා ඉක්මවා යමින් තමන් තමන් මතම තම කථාන්දරය ලියන්නට සමත් හැකියාවන් අත්පත්කර ගනිමින් තම ජිවිත රටාවන්, තම පරිසර රටාවන් පමනකුදු නොව පෘතුවිය තුලට මෙන්ම අනන්ත අහස්කුස සීමා සිදුරු කරලමින් ආසන්න ආකාශ වස්තූන් ගැනද සොයා බලන්නට අද ඔහු සමත්ව ඇත. ගොඩ නැගීම් හා බිඳවැටීම් අතර වන චලනයන් විසින් නෙක ආකාරයේ උත්සාහයන් වල අවසන් ප්‍රථිපලය ලෙසට මෙම දිගු කථාන්දරය අදද ලියවෙමින් ඇත. සාම්ප්‍රධායික හුරු පුරුදු ලොකයේදී ඇතිවන නිද්‍රා බව අවදිකරවන්නට මේ අපූර්ව ගම්වාසීන්ගේ නෙක විසිතුරු ජීවිතරටා අප වෙතට මහත් පහසුවක් වනු ඇත. සමහර විටක යැවූ ඊමේලය වෙතට ඇය පිලිතුරක් ඒවා තිබෙනවා විය හැක. සිත කිසිසේත්ම විස්වාස නොකරන මුත් ඇය සියල්ල අමතක කරදමා අප හමුවු නගරයෙන්ද වෙන්ව ගොස් තිබෙනවාද විය හැක. තර්ක හැකියාව මනසට එවන් යෝජනාවක් ගෙනෙන මුත් ඇය මහත් බලාපොරොත්තුවෙන් අප හමුව මෙන්ම අප සටහන් පෙල වඩාත් විසිතුරුව ඉදිරියට ගෙන යන්නට සූදානමින් , බලාපොරොත්තුවෙන් සිටිනවා වියයුතුයි විස්වාස නිරන්තරයෙන්ම සිත තුල වන බවක් පැහැදිලිව දැනීම මහත් ශක්තියක් ලෙසින් දැනේ.(66)
කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. “සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන් මොනවා කිව්වත්” මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක් විය යුතුය. “ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම ‍රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා.” ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන පැහැදිලි අපැහැදිලි දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය. (67)

තිස් එක් වන කොටස

අවසානයේ පුරා වසරක කලයක් ඔබ මොබ ඇවිද ගිය, නෙක අසිරි විඳි නගරයෙන් තාවකාලිකව සමු ගන්නට කාලය එලැබිනි. උද්‍යානය, කඳු මුදුනත, හැදෑරුම් ආයතනය , අවන්හල විශාල වගා බිම් අතරින් දිවෙන රේඛාවන් බදු මාවත් වැනි බොහෝ දැයින් සමුගන්නට මනස සූදානම් උවත් ජීවිතයේ ප්‍රථම වතාවට සමුදෙන්නට නොහැකි යමක් ජීවිතය වෙතට පැමින ඇති බවක් තදින් දැන්නට පටන් ගති. මොහොතකට මනස තදින් ඒ දෙසට යොමුකොට තත්වය සරල කරගන්නට උත්සාහ කරන විට පැහැදිලි වූවේ ඇය හුඳු මිනිස් දියනියක වීමටත් වඩා අප අතර බෙදා හදාගන්න බොහෝ බුද්ධි කාරනා, හැදැරුම් කාරනා මෙන්ම ලොව රස විදීන්නට වන සමාන හැකියාවන් ජීවිතයෙන් මග හැරිය නොහැකි තරම් ප්‍රබලව අප අතර වන බවකි.
ගුවන් තොටට වන ප්‍රධාන මාවත බොහෝ දුරක් වගා බිම් අතරින් වැටෙන සරල රෙඛා ස්වභාවයකින් යුක්ත විය. වරක් මා ඇයගේ නේවාසිකාගාරය වෙතට ගිය මොහොතකදී අප ඇවිඳ ගිය මාවත දෙපසින් වූ වගා බිමෙන් හමා ආ අපූරු සිත් ප්‍රබෝධ කරවන සුලු ධාන්‍ය සුවදක් ක්ශනයෙන් සිත රසවත් අතීත මතකයන් වෙතට ‍රැගෙන යන්නේ අපූර්ව ආකාරයටය. දොඩමලුබවට වඩා නිහඬ බව දෙදෙනාමට අවශ්‍ය තිබෙනවා විය හැක. සමහර විටක ඉතිරිව ඇති හෝරාවක කාලයතුල අවසන් කර ගන්නට කිසිසේත් නොහැකි තරම් බව හැගෙන දෙබවකට පිවිසීමට වඩා සැහැල්ලුවක් බව දෙදෙනාම පිලිගෙන ඇති සෙයකි. සුක්කානම මත ‍රැඳි ඇගේ අතක් මෘදුව ස්පර්ශකරමින් “මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි.” කියන්නට මට අවශ්‍ය විය.(63)
“තම තරගකාරී සගයන් ඉක්මවා මිනිස් වර්ගයා ඉදිරියට එන්නේ ස්වාභාවිකව ජීවය වර්ධනයට ගතවන කාලය හා සැසදීමේදී ඉතාම කෙටිකාලයක් තුලයි. මිනිසා ලෙසට තමාම නම්කර ගන්නට හා අනෙකුත් සගයන් නම්කර ලන්නට සමත්වන්නේ ඔහු තව දුරටත් ජීවවිද්‍යාත්මක සාධක මත නොව තම මනස මතම වර්ධනය වන්නට ආරම්භවීමේ සිට විය යුතුයි. ඒත් අපි දන්නවා මිනිස් මොලය කියන්නේ වසර දසදහස් ගනනක වර්ධනයක්. සාර්ථක ජීව සෛලයක් බිහිවීම, පරිසරය මත එයට ඇති අනන්‍යතාවය හඳුනා ගන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේම එහි ඊලග වර්ධනතා පිලිබඳව තමන්ටම තීර්නයක කරන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේ සංධිස්ථාන වලින් මේ දිග කථාන්දරය සමන්විතයි කියලා මම හිතනවා. වර්ථමාන මිනිසෙකු සලකන කොට ජීවිවිද්‍යාත්මකව ‍රැගෙන විත් ඇති මුත් සමාජවිද්‍යාත්මක ජීවිතය ඔස්සේ මග හැරී ඇති හැකියාවල් බොහොමයි කියා හදාරන්නන් නිරන්තරයෙන් යෝජනා කරන සමහර හැකියාවල් එසේ සැගව නොයා ‍රැක ගන්නට මේ ගම් වැසියන් සමත්වී තිබෙනවා කියලා මට යෝජනා කරන්නට හිතෙනවා. ඔවුන්ගේ සංස්කෘතික රටා වල තවමත් ඒවා නොනැසී පමනක් නොවේ වර්ධනය කරමින් ‍රැක ගන්නට අවශය වටිනාකම් ඉතිරිකර ගන්නට සමත්විම ඔවුන්ගේ මේ අපූරු හැකියාවල් පසුපස තිබෙනවා කියන එක මම විස්වාස කරනවා.. ඔබ මොකද හිතන්නේ?” ටිබෙටියානු මිතුරා එකවරම පිලිතුරක් නොදී මද කල්පනාවකට කාලය ලබ ගන්නට තීර්නය කර ඇතුවා සේය.
මෙවර ආශ්‍රම සංචාරයේ වසරක කාලය පිරෙන්නට දින කිහිපයකට වඩා ඉතිරිව නැත. නිරන්තරයෙන් ගම්වාසීන්ගේ දෛනික ජීවන රටාවල් නිරීක්ශනය කරන්නට, කඳු මුදුනතදිගේ දිවෙන මාවත ඔස්සේ ඒවා මනස තුල පිලිවල කරගන්නට අවශ්‍ය විවේකය ලබමින් ඇවිද යන්නට, ටිබෙටියානු මිතුරාගෙන් මේ තොරතුරු පිලිබද නිගමනයන් නැවත නැවත විමසවා ගන්නට වැනි නෙක කාරනාවලින් පසුගියකාලය පිරී ගොස් තිබිනි. ලොකු ස්වාමීන්වහන්සේ ආශ්‍රමයේ දෛනික රටාවලින් මා සම්පූර්නයෙන්ම මුදා හැර තිබිනි. අවශ්‍ය ඔනෑම වෙලාවකදී ගබඩාකාරතුමා ගෙන් ආහාර ලබා ගන්නට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සදහා අවසර ලැබිනි. මහත් තැන්පත් පරිසරයකදී ලද එවන් සහය සමග ගම්වාසීන් පිලිබදව හැදෑරීම වඩාත් තීව්‍රව කර ගෙන යන්නට හැකිවිය. සමහර විටක ආශ්‍රමයේ ප්‍රතම වතාවට නගරය වෙත යනෙන්නන් ඔස්සේ අවශ්‍ය පොත්පත්, සටහන් කොල පවා ලබා දෙන්නට කටයුතු කෙරිනි. “ඔබ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. එය සරලව මෙහි සිදුවන දහම ඔස්සේ වන මාවත මග හැරෙන වෙනත් මාවතක් ඔස්සේ වන බව මට පැහැදිලි වුවද ඔබ සාර්ථකව එය අවසන් කරන්නේ යනු නැවත දහම වෙතට පැමිනීම වන බවට මම විස්වාස කරනවා” ඒ මා නිදහස් කර දමමින් ලොකු ස්වාමීන් වහන්සේ කල පැහැදිලි කිරීමයි.(64)

By Pubudu Siriwansa

තිස්වන කොටස

අප ඉන් අනතුරුව මාගේ නේවාසිකාගාරය වෙතට ගියෙමු. නේවාසිකාගාරයේ කාලයකට පසුව දොර ජනෙල් පත් සියල්ල විවර කර දැමුවෙමි. තවමත් තම රිය තුල සිටින ඇය වෙතට ගිය මම ප්‍රථම වතාවට මගේ නේවාසික කුටිය වෙතට ඇයට ආරාධනා කලෙමි. සියල්ල අස්පස්කර ගමන් මලු දෙකකට මා සතුවූ දෑ අසුරා තිබූ බැවින් එහි නිදහස් පෙනුමක් ගෙන තිබුනාය. “මම නේවාසිකාගාරවලට හරිම කැමතියි. මොකද දන්නවද, ඒවායේ ඉන්න කොට නිතරම සමුගෙන්ම යන්නට සූදානම් බවක් තිබිය යුතුබව සිතට නැගෙනවා. ජීවිතය අත්පත්කර ගැනීම් පමනක් වෙන මහා අරගලයකට වඩා ඒ ස්වභවයට මම හරිම කැමතියි. මට හිතෙනවා එතැනදි හොඳ සමබර බවක් ජීවිතයට ගෙනෙනවා කියලා” මා ඇය වෙතට බැදුනු අපූරත්වය ඇගේ පිලිතුරින් යලිත් ඉස්මතුවිය. “මමත්” , ඇය සන්සුන්ව පැවසුවාය. ඉන් අනතුරුව ගලා ගිය හෝරා දෙකකට ආසන්න කාලය නියමිත සමුගැනීමේ වේදනව වසන්කරන්නට මෙන් අතීතය මෙන්ම යලි වන්නට නියමිත හමුවීම ගැන නෙක ආකාරගත් දෙබසින් පිරී තිබිනි. “ඒක හරිම අහබු හමුවීමක් සේම හරිම අපූරු හමුවීමක්” අප හමුව පිලිබදව මට දැනෙන සමස්තය වචන බවට පෙරලන්නට මම උත්සාහ කලෙමි. “මුලින්ම මම දෙගිඩියාවක සිටියත් බොහොම ඉක්මනින් ඔබ මාව හරිම සුහඳ සබඳතාවයකට ගෙන ගියා. දන්නවද, ඔබගේ අපූරු සුහඳ, විවෘත, පුලුල් බව මග හරින්නට කෙනෙකුට ලෙහෙසියෙන් බැරි තරම්. මට මතකයි අපි හ්යමුවුනු මුල්ම දවසක ඒක මගේ දින සටහනකත් තබන්නට මට අවශ්‍ය උනා”. සැබවින්ම අපූරු මිනිසුන් එකිනෙකා හමුවන්නේ විටක සිතාගන්නට කිසිසේත් නොහැකි සුලු නිමේශයන් තුලය. තවත් විටක හරිම අතාර්කික ආකාරවලටය. ඒවා අතරින්ද ඔවුන් එකිනෙකා බැදෙන්නේ වඩාත් කලාතුරකින්ය. වඩසත්ම අපූරු කාරනය වන්නේ මේවා අතරින් ඉඳහිටක අපූරු දෑ ලොවට ගෙනෙන්නට පවා ඒ මිනිස් සබදතා මහත්සේ අපූරුවේ.(62)
අවසානයේ පුරා වසරක කලයක් ඔබ මොබ ඇවිද ගිය, නෙක අසිරි විඳි නගරයෙන් තාවකාලිකව සමු ගන්නට කාලය එලැබිනි. උද්‍යානය, කඳු මුදුනත, හැදෑරුම් ආයතනය , අවන්හල විශාල වගා බිම් අතරින් දිවෙන රේඛාවන් බදු මාවත් වැනි බොහෝ දැයින් සමුගන්නට මනස සූදානම් උවත් ජීවිතයේ ප්‍රථම වතාවට සමුදෙන්නට නොහැකි යමක් ජීවිතය වෙතට පැමින ඇති බවක් තදින් දැන්නට පටන් ගති. මොහොතකට මනස තදින් ඒ දෙසට යොමුකොට තත්වය සරල කරගන්නට උත්සාහ කරන විට පැහැදිලි වූවේ ඇය හුඳු මිනිස් දියනියක වීමටත් වඩා අප අතර බෙදා හදාගන්න බොහෝ බුද්ධි කාරනා, හැදැරුම් කාරනා මෙන්ම ලොව රස විදීන්නට වන සමාන හැකියාවන් ජීවිතයෙන් මග හැරිය නොහැකි තරම් ප්‍රබලව අප අතර වන බවකි.
ගුවන් තොටට වන ප්‍රධාන මාවත බොහෝ දුරක් වගා බිම් අතරින් වැටෙන සරල රෙඛා ස්වභාවයකින් යුක්ත විය. වරක් මා ඇයගේ නේවාසිකාගාරය වෙතට ගිය මොහොතකදී අප ඇවිඳ ගිය මාවත දෙපසින් වූ වගා බිමෙන් හමා ආ අපූරු සිත් ප්‍රබෝධ කරවන සුලු ධාන්‍ය සුවදක් ක්ශනයෙන් සිත රසවත් අතීත මතකයන් වෙතට ‍රැගෙන යන්නේ අපූර්ව ආකාරයටය. දොඩමලුබවට වඩා නිහඬ බව දෙදෙනාමට අවශ්‍ය තිබෙනවා විය හැක. සමහර විටක ඉතිරිව ඇති හෝරාවක කාලයතුල අවසන් කර ගන්නට කිසිසේත් නොහැකි තරම් බව හැගෙන දෙබවකට පිවිසීමට වඩා සැහැල්ලුවක් බව දෙදෙනාම පිලිගෙන ඇති සෙයකි. සුක්කානම මත ‍රැඳි ඇගේ අතක් මෘදුව ස්පර්ශකරමින් “මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි.” කියන්නට මට අවශ්‍ය විය.(63)

විසි නම වන කොටස

අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. “මතකද… අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස.” දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. “මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය..” මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් ‍රැදෙමින් උත්සාහ කරන්නට වීමි. “මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොර‍ටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්” ඇය පිලිතුරු දුන්නාය. “ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොර‍ටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොර‍ටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කො‍ටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා” මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. “මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා.”(60)

අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. ” ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා”. මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි.
රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. ” මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක ‍රැගෙන ගුවන්තො‍ටුපොල වෙතට යන්නට හැකි වේවි.” තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම මටද අවශ්‍ය විය. “ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් ‍රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ දෙන්න.(61)