Microsoft වෙතින් එන ඩිජිටල් සහයකයා Cortana පලමුව නිවේදනය වූවේ Windows Phone 8.1 වෙතටය. පසුව Windows 10 සමග ඩෙස්ක් ටොප් පරිසරය වෙතටද පැමිනි එහි මීලග පිවිසුම standalone app එකක් ලෙසට Android හා iOS දෙසට වන්නට කටයුතු සිදුවෙමින් ඇති බවටයි ‍තෝඅතුරු පැවසෙන්නේ. ආයතනයේ ‘Project Einstein’ ව්‍යාපෘතිය යටතේ වන දියුනු කිරීමක් ලෙසට මෙම නිමැවුම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි artificial intelligence හැකියාවක් ඔසේ දියුනු කරමින් සිටින මෙහි අනාගත සංස්කරනයන් සමග පහසුවෙන් Email එකක් කියවා තේරුම් ගන්නට හැකි වන භාවිතාවක් ගෙනෙන්නට හැකිවනු ඇති බවට මේ වන විටත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. තම සම තරගකරුවන් වන Siri හා Google Now සමග තරග කරමින් වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට Cortana සමත්වනු ඇති බවටයි විචාරකයින්ගේද අදහස වන්නේ.