Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය.  ‘November Update’ යනු Windows 10 වෙතට Microsoft වෙතින් ගෙනෙන ප්‍රධාන යාවත්කාලීනයක් වන අතර EdgeHTML 13 යනු ඒ සමග Edge බ්‍රවුසරය වෙතට එන දියුනු කිරීම් යාවත් කාලීනයය. ආයතනය පැහැදිලි කරනේ එයද Insiders අතර මාස ගනනාවක අත්හදා බැලීම් වලින් අනතුරුව දැන් එය සාමානය භාවිතාකරන්නන් වෙතටද විවෘතව ඇති බවය. වඩාත් සාර්ථක ක්‍රියාකාරීත්වයක් හා HTML5 compatibility බවින් ඉහල මට්ටමකට ගෙනෙන්නට මෙම නව යාවත්කාලීනය සහය වී ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. අභ්‍යන්තර දියුනු කිරීම් වලට අමතරව Tab Previews හා improved UI ඔස්සේ එය සාමානය භාවිතාකරන් නන් හටද ප්‍රායෝගිකව අත්විඳිය හැකි දියුනු කිරීම්  කිහිපයක් ‍රැගෙන විත් තිබෙනවා.