ඔනෑම පෘතුවි පුරවැසියෙකු සදහා තොරතුරු සබඳතාවයද මූලික අවශ්‍යතාවයක් වීම ක්‍රමයෙන් ස්ථාවර වෙමින් ඇති තත්වයකි. පුද්ගලිඋක මට්ටමේ මෙන්ම වෘතීය මට්ටමේදීද මේ බව ලොක මට්ටමින් පිලිගනිමින් ඇත. සියලු දෙනා සදහා අකංඩ තොරතුරු සබඳතාවයක් පවත්වාගෙන යාම මීලග අභියෝගයක් වන්නේ සමාජමට්ටමින් පමනක් නොව භූවිද්‍යාත්මක මට්ටමින්දය. මේ සදහා නෙක විසඳුම් ගෙනෙන්නට නිරන්තරයෙන් කටයුතු කරන ආයතනයන් අතර Facebook ආයතනයද ඉදිරියෙන්ම සිටී. සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන ඩ්‍රෝනයන් සදහා නිර්මානය කල “Aquila” ව්‍යාපෘතිය සාර්ථක වුවද සහය ආයතනයක් සමග ඉදිරි පියවර සදහා තීරනය කර ඇති බවටයි නිවේදනය වන්නේ. ආයතනයෙන් පැවසෙන්නේ ඔවුන්ගේ අළුත්ම ව්‍යාපෘතිය වන්නේ “Athena” ය. එහිදී පහල කක්ශගත වන සැටලයිටයක් වෙතින් පෘතිවිය වෙතට අන්තර්ජාල සබඳතාවය ගෙන එන්නට සැලසුම් කරමින් සිටිනවා.
– Pubudu Siriwansa