තොරතුරු ලෝකයේ ආනාගත චලනයන්ගේ ප්‍රමුඛතම දිශානතියක් ලෙසට හදාරන්නන් අවධාරනය කරන්නේ දෛනික ජීවිතය වටා ඇති උපාංග වෙතට දත්ත සැකසුම් හැකියාව සංයුත්තවීමය. නිවසේ බිත්තිය, ආහාර සකසන මේසය,විසිත්තකාබරයේ ප්‍රධාන මෙසය, වාහනයේ ඉදිරි මෙන්ම පැති වීදුරු වැනි මෙකී නොකී දෛනික ජීවිතයේදී නෙත අත ගැටෙන දහසක් උපාංග ගැන ඔවුන් යෝජනා කර සිටී. IKEA ආයතනය තම “Smart Homes” ඔස්සේ මුලුතැන් ගෙය සදහා හන්දුන්වා දෙන future table ඔස්සේ එම අනාගතය පිලිබදව තවත් අපූරු උදාහරනයක් ගෙන එමින් සිටී. ඔවුන් ඔපැහැදිලි කරන්නේ මේ ඔස්සේ ceiling projectors, smartphone charging, inductive cooking, social networks, games, apps වැනි අපමනක් කාරනා සදහා මෙම ස්මාර්ට් මේසය සූදානමින් පැමිනෙන බවකි. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ උදෑසන කෝපි කෝප්පය වඩාත් රසවත් ආකාරයට පානය කරන්නට සහය වීමේ සිට දැරුවන් සදහා ක්‍රීඩා කරන්නට නවතම ආහාර වට්ටෝරු සමග උදාහරන වීඩියෝවන් වැනි දෑ පිලිබදව කථා කරන ඔවුන් IKEA’s Kitchen 2025 concepts ඔස්සේ water management, food storage options වැනි වඩාත් ප්‍රයෝජනවත් භාවිතාවන් නිවසට ගෙන්නට එයට හැකි වන බවටයි දක්වන්නේ.