Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු ආකරයට මෙම මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර ගනිමින් එන malwareවක් තමන් හඳුනා ගත් බවකි. ඔවුන් හෙලිකර සිටියේ Security app පවා මෙම ස්වභාවය සමග පහසුවෙන් මග හරින්නට හැකිවනවා පමනක් නොව Play Store වලදීද Bouncer වලින් මග හරින්නට සමත්වන බවකි. උපාංගයේ වන Emails , Photes වැනි දත්ත පහසුවෙන් මෙම හානිකර appමෘදුකාගය ඔස්සේ පැහැරගන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පැහැදිලි කරනු ලැබුවේ.
මෙම තොරතුරු හෙලි කරනු ලැබුවේ Google වෙතින් එම අදාල දුර්වලතාවය සදහා පිලිසකර නිකුත්කිරීමෙන් අනතුරුව වුවද නිසි පරිදි යාවත්කාලීන ලබා නොගන්නා භාවිතාකරන්නන් සදහා තවමත් මෙම අනතුරු විවෘතව ඇති අතර තමන්ගේ උපාංගයයේ යාවත්කාලීන තත්වය පරික්ශා කිරීම සදහා Setting ඔස්සේ පිවිස “About Phone” වෙතින් system Update හෝ Software Update වල Your System ia Upto Date මට්ටම දක් වෙන්නේ දැයි විමසා බැලීම වැදගත් වනු ඇත. සමහර නිෂ්පාදකයින් හරහාද යාවත්කාලීනයන් පැමිනීමේ ප්‍රමාදය ගැන විමසිලිමත්වන ලෙසට යෝජනා කරන ඔවුන් Android 4.4.4 සංස්කරන මට්ටමේ නොමැති Android උපාංග ඔස්සේ images විවෘත කිරීමේදී කල්පනා කාරී වන ලෙසට උපදෙස් දෙනු ලබනවා. – Pubudu Siriwansa