මෑතකදී වාර්ථාවන Playstation Network, Xbox Live service වැනි සේවාවන් වල බිඳ වැටීම් වාර්ථාවීම ක්‍රමයෙන් මෑකීයත්ම Lizard Squad ලෙසට වන අනන්‍යතාවයක් කරලියට එන්නේ ඔනෑඅම් වෙබ් අඩවියක් සදහා DDoS Attack පහසුව ලබා දෙන Toolයක් ලෙසටය. ඔවුන් පවසන්නේ මෙම සේවාව ඔස්සේ ඔනෑම website/space එකක් සඳහා මාසිකව $6 වැනි මුදලක සිට ඉහලට බිඳ දමන්නට තම සේවාව සූදානම් බවකි. මෙම අඩුම ගාස්තුව ඔස්සේ තප්පර 100ක් සදහා එම සේවාව ලබා ගන්නට හැකි වන අතර, $130 ක අයකිරීමක් සදහා පැය 8ක බිඳ වැටීමක්ද, $30 සිට $500 ක ගාස්තුවකට lifetime( මෙම ගාස්තුව වෙනස් වන්නේ එම අඩවියේ වන තාක්ශනික තත්වයන්ගේ සංකීර්නබවට අනූවය) එම අඩවිය බිඳ දමන්නට තමන් සූදානම් බවකි. කෙසේ වෙතත් දැනට මෙම “Lizard Stresser” අඩවිය offlineව ඇති අතර “Switching servers… will be back online soon – All paid accounts will receive one week bonus as compensation” ලෙසට දැක්වෙන පනිවිඬයක් එහි වන බවටයි වාර්ථා වන්නේ. බලධාරීන් මෙම අඩවියට අයත් එක් අයෙක් හඳුනා ගෙන ඇති බවට වාර්ථා වන අතර වෙබ් අවකාශයේ ස්ථීරබව මෙන්ම විස්වාසනීය බවට අභියෝගයක් වෙමින් ඇති මෙවන් ආකාර ගත් ප්‍රහාර හැකියාවන් සංවිධානය වීමේ අනතුර වඩාත් බරපතල බවට හදාරන්නන් යෝජනා කරමින් සිටී.