චීන නිපැයුමක් ලෙසට Super mCharge මෙවර Mobile World Congress 2017 වෙතට පැමින තිබූ බැටරි බලගැන්වුම් තාක්ශනයකි.  වරකකට අදික කාලයක දියුනු කිරීමක් ලෙසට සැලකෙන මෙම තාක්ශනය ඔස්සේ 3000mAh මට්ටමේ බැටරියක් 0% සිට100%  දක්වා බල ගන්වන්නට ගතව තිබුනේ මිනිත්තු 18ක් බවට සජීවීව තම ඉදිරිපත්කිරීම තුලදී ඔවුනොප්පුකර සිටින්නට සමත්විය. ඔවුන්ම තම තාක්ශනය පැහැදිලි කරමින් පවසා සිටියේ දැනට පවතින තාක්ශන හැකියාව හා සැසදීමේදී 5.5 මට්ටමක වෙගවත් බවක්  ‍රැගෙන එන්නට තමන් සමත්වන බවකි. තම සජීවී දැක්මේදීම පලමු විනාඩි 8 තුලදී බැටරියේ බල ගැන්වීම් සීමාවෙන් 50%ක් ඉක්මවන්නට සමත් බවටයි ඔවුන් දක්වා සිටියේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ සමාන්තර තරගකාරී තාක්ශනයන් තම බල ගැන්වූම් වලදී -Charge 3.0 technology- 50%ක බල ගැන්වුම් සීමාවට එන්නට විනාඩි 30-40ත් අතර කාලයක් ගන්නා අවකශයකදි මෙම තාක්ශනය කැපී පෙනෙන දියුනු කිරීමක් බවයි. එසේම ඔවුන් ඉදිරිපත් කල දත්ත වාර්ථාවලට අනූව 800 පූර්න charge හා discharge වාර ගනනකට පසුවද තම බල හැකියාවෙන් සියයට 80ක්  දරන්නට එම තාක්ශනය සමත්ව ඇති බව මෙන්ම බැටරියක ආයුකාලය දෑ වසරද ඉක්මවන්නට සමත් බවයි.