Online ලෝකය ඔබ සිතනවාට වඩා ඔබගේ ජීවිතයට බල පාමින් ඇත. වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති Mobile භාවිතාවත් සමග එම පැතිරීමේ ස්වභාවය වඩාත් වේගවත්ව ඇති බවටයි හැදෑරුම් වාර්ථා පෙන්වා දෙමින්  ඇත්තේ. ඇමරිකානු තරුන පෙල මත සිදුකල හැදෑරීමකදී ඔවුන් පෙනවා දෙන්නේ  US teens හරි අඩකට වඩා social networks හෝ video game forums ඔස්සේ තමන්ගේ නව මිතුරන් හමුවීමේ ප්‍රවනතාවය පෙන්වමින් සිටින බවකි. Mobile phones, social media, online video gaming ඔස්සේ ඔවුනගේ නව මිත්‍රත්වයන් හමුවීම මෙන්ම ඒවා පැවතීමේ පදනම වෙමින් තිබෙනවා යන්න ඔවුන් ඉස්මතුකොට පෙන්දා දෙමින් සිටී. වයස 13-17 අතර දරුවන් ඇසුරින් කර ඇති මෙම හැදෑරීමට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 57ක්ම පවසා ඇත්තේ ඔවුන්ට online ආකාරයේ මිතුරන් වන බව වන අතරම ඉන් සියයට 29ක් පවසන්නේ ඔවුන්ට මිතුරන් පස් දෙනෙක් හෝ වැඩි ප්‍රමානයක් Online ආකාරයට හමුව ඇති බවකි. Social media අවකාශය සැලකිමේදී Facebook හා Instagram යන සමාජජාලා මෙම හමුවීම් සදහා වැයෙන් භාවිතාවෙමින් ඇති බවටයි එහිදී පැහැදිලි වන්නේ. වැඩිදුරටත් එම හැදෑරුම් වාර්ථා පෙන්වා දෙන්නේ ගැහැනු දරුවන් සැලකීමේ සමාජ ජලා තම මිතුරු මිතුරියන් හමුවීමේදී භවිතාවන විට පිරිමි දරුවන් සදහා video games online අවකාශය භාවිතාවෙමින් ඇති බවකි. එම හැදෑරීමට සහභගීවූ දරුවන් අතරින් හතරෙන් තුන්ක්ම smartphone භාවිතාකරමින් සිටින බව හා තම මිතුරන් සමග සංනිවේදනයේදී  instant messaging වැඩියෙන් භාවිතාකිරීම ප්‍රියවන බවද හෙලිව තිබිනි. එම දරුවන් අතරින් සියයට 70ක් තම මිත්‍රත්වයන් සදහා social-media භාවිතය වඩාත් සුවපහසු බව ප්‍රකාශ කරන අතර සියයට 88ක්ම පෞද්ගලික තොරතුරු වැඩියෙන් එම අවකාශයන් වෙතට මුදාහැරීම සිදුවන බවට ප්‍රකාශ කර තිබිනි.