Drones භාවිතාව පිලිබදව අනාගතය දෙසට ඇත්තේ මහත් බලාපොරොත්තු ‍රැසකි. පහසු වේගවත් සැහැල්ලු සැපයීම් බොහොමයක් සදහා මෙහි පැමිනීම බලාපොරොත්තු වන අතර මේ වන විටත් Swiss Post තම පස් වසරක අත්හදා බැලීම් අවසානයේ ජූලි අගදී මෙම සේවාවේ පෙර ක්‍රියත්මකවීමකට සැලසුම් කරමින් සිටිනවා. එක් ගෙවීමක් යටතේ කිලෝ ග්‍රැම් 1ක packageයක් කිලෝ මීටර 10 ක දුරක සීමාවක් යටතේ ගෙන ගොස් ලබාදීමේ හැකියාවක් මෙම සේවාවට අයත්වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මීට සමාන සේවාවක් Amazon වෙතින්ද මීට පෙර නිවේදනය වූ අතර එහිදි පැහැදිලි කර තිබුනේ ඇනවුම් කර අඩ හෝරාවක් තුලදී පාර්සලයක් ලබන්නා වෙතට ගෙන ගොස් දීමේ සේවාවක් තමන් අරබන්නට සූදානම් බව මුත් ආරක්ශාව පිලිබදව ගැටලු සමග එම සැලසුම් තවමත් පසුවෙමින් තිබෙනවා. Swiss Post පවසන්නේ මෙම ආකාරයේ සේවාවන් ඉදිරි පස්වසර තුලදී සාමාන්‍ය භාවිතාවක් බවට පත්වීමේ බොහෝ ඉඩකඩක් පවතින බවයි.