Windows 10 නව මගක් ඔස්සේ අත්හදා බැලෙමින් ඇත. එය සමස්ථ ලෙසම වෙනස් වන බවට දැනටමත් තහවුරු වී ඇත. Microsoft වෙතින් එන මෙහෙයුම් පද්ධති රටාවම එය වෙනස් කර ඇත. ආයතනය පසුගියදා පැවසුවේ වසර කිහිපයකට වරක් නව සංස්කරනයක් ලෙසට Windows පැමිනීම අහවර කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. Desktop සදහා නැවත Start මෙනුව එන්නේ වඩාත් නමය ලෙසටය. පැවති සාම්ප්‍රධායික මෙනුව නව app සමග සුහදව කටයුතු කරන්නට හැකි වන ලෙසට එය මනාව නැවත සකසා ඇත. පැමිනි නවතම windows 10 පෙර සංස්කරනය සමග start මෙනුවේ සිට ‘All Apps’ සොයන විට letters ඔස්සේ පිවිසෙන්නට හැකිවන සේ සැකසුම වඩාත් ප්‍රායෝගික බවට පිලිගැනෙමින් ඇත. Windows Hello නම් Windows authentication mechanism, වල දී දෘඩාංග පිලිබදව ගැටලුව වන මුත් වඩාත් පහසු සාර්ථක ආරක්ශිත බවක් එය තහවුරු කරන බවට පැහැදිලි වෙමින් ඇත. Jump Lists හා Date and Time widget වැනි දියුනු කරන ලද අංගයන් මෙන්ම ස්ථාපනය වන උපංග අනූව සැකසීමේ හැකියාව සමග පැමිනෙන නව මෙහෙයුම් පද්ධතිය වඩාත් ආකර්ශනීය වනු ඇති බවටයි ආයතනය මහත් බලාපොරොත්තු පල කරමින් ඇත්තේ. – Pubudu Siriwansa