නිල නිකුතුවෙන් පැය 24ක් ගතවන විට Windows 10 මෙහෙයුම් පද්ධතිය ලොවපුරා පරිගණක මිලියන 14කට අදික ප්‍රමානයක ධාවනය වෙමින් ඇති බවට Microsoft නිවේදනය කර සිටිනවා.  මෙම පිරිස අතර මිලියන පහකට අධික පෙර අත්හදා බලන්නට පැමිනි Insidersලා මිලියන පහක් ද වන අතර එසේමුත්  මිලියන 9ක් පමන මෙම කාලය තුල ප්‍රථම වතාවට Windows 10 අත්විඳිමින් සිටින බවටයි පිලි ගැනෙන්නේ. දල ලෙසට සැලකීමේදී තප්පරයකට 162 ක බාගත කරගැනීම් වේගයක් ලබමින් නව මෙහෙයුම් පද්ධතිය ඉදිරියට පැමිනෙමින් සිටින බවටයි ගනනය වන්නේ. සරල මට්ටමේ ගැටලු කිහිපයක් වෙතත් සමස්ථයක් ලෙසට නව මෙහෙයුම් පද්ධතිය සාර්ථක බවට භාවිතාකරන්නන් දෙසින්ද වාර්ථා වෙමින් ඇති අතර Cortana සදහා සහය දක්වන ‘Cortana Button’යක් ඩොලර් 23ක මිලකට පැමිනීමක් පිලිබදව තොරතුරු පැවසෙනවා. PC හෝ phone සමග ක්‍රියාත්මක විය හැකි මෙම උපාංගය Bluetooth 4.0 LE (low energy) ආකාරයට ප්‍රධාන උපාංගය ආසන්නව අඩි 40ක පමන දුරක් දක්වා සිට පරිගණකය සමග සම්බන්ද වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි වාර්ථා වන්නේ.  මීට අමතරව Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ Windows 10 Enterprise  සංස්කරනය දින 90ක කාලයක් සදහා අත්හදා බැලීමේ ආකරයට ලබා ගන්නටද මේ වන විට හැකිව ඇති බවයි.